November, 16, 2021
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 11,000 සීමාව අද දින ඉක්මවා යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,008.33 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 255.51 ක් හෙවත් 2.38% ක ඉහළ යාමක් වේ.
මේ අතර S&P SL20 දර්ශකය අද දිනයේ දී එකක 22.84 ක වර්ධනයක් වාර්තා කළෙ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,621.22 ක් ලෙසින් සටහන්ව තිබුණි.
අද දින රු. බිලියන 10.27 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වී තිබීම ද විශේෂත්වයකි.
Video Story