April, 21, 2026
මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවති සියලුම සීමා ඉවත් කරන ලදී. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ, දීර්ඝ කාලීන සීමා කිරීම්වලින් පසුව ඉල්ලුමේ අපේක්ෂිත වැඩිවීම අවම කිරීම සඳහා රජය තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය.
මෙම පියවර පනවා තිබියදීත්, 2025 වසරේ දී වාහන ආනයනය කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, එය ආනයන සීමා කිරීම් හේතුවෙන් වසර ගණනාවක් පුරා අධික ලෙස වර්ධනය වී තිබූ ඉල්ලුම සහ ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩිදියුණු වීම් පිළිබිඹු කරයි. 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ආනයනවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, පෞද්ගලික වාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන යන කාණ්ඩ දෙක ම අයත් වාහන ආනයන වියදම් 2025 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.04ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, එය 2015 වසරේ දී වාර්තා කරන ලද එ.ජ. ඩොලර් බිලියන 2.12 සහ 2018 වසරේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.09ට පසු වාර්තා කළ තුන්වන ඉහළ ම වාර්ෂික මුළු වාහන ආනයන වියදම ලෙස වාර්තා විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණයෙහි මේ බව සඳහන් වේත

Video Story