ඉතිහාසය අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් වාර්තා අතරට

    August, 27, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (27) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 139.82කින් ඉහළ ගොස් ඒකක 20,753.21ක් ලෙසින් සටහන් වී තිබුණි.

    එහි දී S&P SL 20 මිල දර්ශකය ඒකක 13.64කින් ඉහළ ගොස් ඒකක 6,062.44ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 145ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 69කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    එහි දී ඇක්සෙස් ඉජිනියරින්ග්, වැලිබල් වන්, සිලෝන් ටොබැකෝ කම්පැනි, රෝයල් සෙරමික් ලංකා සහ කාර්ගීල්ස් සිලෝන් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 7.38ක් ලෙසයි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.98ක් හා දේශීය විකිණුම් රු. බිලියන 6.91 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 403ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 466ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates