ඉන්ද්‍රා ෆයිනෑන්ස් මිලදී ගැනීමට කොමර්ෂල් බැංකුව සූදානම්

    July, 16, 2014

    මෙරට මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකු වැඩසටහන යටතේ කොමර්ෂල් බැංකුව විසින් බලපත්‍රලාභී ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 870 කට මිලදී ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ.

    මේ බව, කොමර්ෂල් බැංකුව විසින් හෙළිදරව් කර තිබෙන අතර මේ යටතේ ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ සියළුම කොටස් කොමර්ෂල් බැංකුව විසින් මිලදී ගනු ඇතැයි සඳහන්ය.

    මෙම ගනුදෙනුවට අදාළව සියළුම ව්‍යස්ථාපිත සහ නියාමන අනුමැතියන් කොමර්ෂල් බැංකුව සහ ඉන්ද්‍රා ෆයිනෑන්ස් විසින් ලබාගෙන තිබෙන අතර ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ මූල්‍ය තත්ත්වය පිළිබඳව බැංකුව සෑහීමකට පත්ව ඇත.

    ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගම වාහන අලෙවියේ ප්‍රචලිත ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහයට අනුබද්ධ සමාගමකි.