ඉන්දියාවට නැවෙන් යන්න. සුඛෝපභෝගී මගී නෞකා අත්දැකීමක්

    March, 7, 2022

    ඉන්දියානු වෙළෙඳපොළ තුළ අඛණ්ඩව වර්ධනය වෙමින් සිටින Cordelia Cruises සමාගම සිය සේවාදායකයින් හට නැවුම් මුහුදු ගමනක ආශ්වාදය ලබා දීමට ඉදිරිපත්ව සිටී.

    ඒ අනුව චෙන්නායි සහ කොළඹ අතර සුඛෝපභෝගී මගී නෞකා සේවයක් ආරම්භ කිරීමට Cordelia Cruises සමාගම පියවර ගෙන ඇත.

    එහිදී රාත්‍රී 2ක්, 3 ක් සහ 5 ක් යනා දී වශයෙන් ඇතුළත් මුහුදු චාරිකා පැකේජ හඳුන්වා දී තිබේ.

    මෙම සුඛෝපභෝගී නෞකාව චාරිකාවට පමණක් නොව විවාහ උත්සව ඇතුළු උත්සව අවස්ථාවන් සඳහා ද ඉදිරිපත් කිරීමට Cordelia Cruises සමාගම අදහස් කරනු ලබයි.

    මෙම නෞකා සේවය 2022 ජූනි 04 දින සිට ආරම්භ වීමට නියමිතය.