ඉන්දියාවේ අ‍ශෝක් ‍ලේලන්ඩ් සමාගමෙන් බස් 500 ක් ලංගමයට

    January, 4, 2022

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 - 35 නව බස්රථ 500ක් මිල දී ගැනීම සඳහා 2020 ජනවාරි මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, බස් රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 03කින් ලංසු කැඳවා තිබේ.

    එකී ලංසු ඇගයීමෙන් පසු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි ආසන 32 නව බස්රථ 500ක් මිල දී ගැනීමේ ‍ප්‍රසම්පාදනය ඉන්දියාවේ අ‍ශෝක් ‍ලේලන්ඩ් සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.