ඉන්දියා – ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුම්වලට වෙනවෙනම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා

    April, 26, 2017

    ආර්ථික ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්වීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ඉන්දියානු ජනරජයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    දෙරට විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විධිමත් ගිවිසුම්වලට එළඹීමට පෙර අදාළ පාර්ශ්වයන් විමසමින් අදාළ එක් එක් අමාත්‍යාංශ විසින් වෙන වෙනම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කෙරෙනු ඇති බවද මෙහිදී අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.