‘ඉන්සී ඉකෝසයිකල් ලංකා’ දෙවැනි වරටත් ආරක්ෂාකාරී ලෙස කොකේන් තොගයක් විනාශ කිරීමට පියවර ගනී

    April, 5, 2019

    ‘ඉන්සී ඉකෝසයිකල් ලංකා (INSEE Ecocycle Lanka (Private) Limited)  යළිත් වරක් රාජ්‍ය ආයතන කිහිපයක්  සමග අත්වැල් බැඳගෙන,  රාජසන්තක කරනු ලබන  කොකේන්  ආරක්ෂාකාරී  ලෙස  විනාශ  කිරීම  සඳහා  අවශ්‍ය  පහසුකම්  සම්පාදනය  කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා එම සමාගම ශ‍්‍රී ලංකා පොලීසය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය,  අන්තරායකර  ඖෂධ  පාලක  ජාතික  මණ්ඩලය,  රජයේ රසපරීක්ෂක  දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති  කාර්ය සාධක  බලකාය  යන  ආයතන  සමග  අත්වැල්  බැඳගෙන  සිටී. මෙම  වැඩසටහන  මුලින්ම  ආරම්භ  වූයේ  2018  ජනවාරි  මාසයේදී  වන  අතර  රාජසන්තක  කරනු  ලබන කොකේන් තොග .'Cement Kiln co-processing' ක‍්‍රියාවලියක් හරහා විනාශ කෙරේ.

     

     

    2018 වසරේ ජනවාරි මාසයේදී සමාගම විසින්, ඉහත සඳහන් තාක්ෂණය භාවිතා කරමින්, කොකේන් කිලෝ ග‍්‍රෑම් 928 ක් විනාශ කිරීමට කටයුතු කළේ ය. මෙම වසරේ කොකේන් තොග විනාශ කිරීමේ ප‍්‍රථම අදියර 2019 අපේ‍්‍රල් 01 වැනි දින, කැළණිය, ගෝනවල පිහිටි DNS ගබඩා පරිශ‍්‍රයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට දායක වූ රාජ්‍ය ආයතන වල නියෝජිතයන් සහභාගී වූහ.

     

    මෙම කොකේන් තොග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ තහවුරු කිරීම් සිදුකරන ලදි.

     

    මේ පිළිබඳව අදහස් දක්වමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා මෙසේ පැවසී ය. ‘‘අලූත්කඬේ සහ ගල්කිස්ස අධිකරණ වල ගරු මහේස්ත්‍රාත්වරුන්ගේ අණ පරිදි, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රසායනාගාර තුළදී සාම්පල පරීක්ෂා කිරීම සිදු කෙරුණු අතර, පුත්තලම ඉන්සී ඉකෝසයිකල් පරිශ‍්‍රයේදී Kiln co-processing භාවිතයෙන් ඒවා විනාශ කිරීමේ හැකියාව ඇති බව එමගින් තහවුරු කෙරුණා. කෙසේ වුවත් හෙරොයින්, ගංජා, වෙනත් මත්ද්‍රව්‍ය සහ මනෝක්‍රියාකාරිත්ව ද්‍රව්‍ය :(Psychotropic Substances) ආදිය විනාශ කිරීමට මෙම ක්‍රියාවලිය භාවිතා කිරීමට හැකියාව ඇත්දැයි යන්න සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ සිදුකෙරෙමින් පවතිනවා. ඊට අමතරව, අධිකරණ සාම්පල විනාශ කිරීම සම්බන්ධයෙන් විද්‍යාත්මක නිර්දේශ ලබාදීම, සම්බන්ධීකරණය, අධීක්ෂණය සහ නිරීක්ෂණ දායකත්වය ලබාදීමට අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය එකඟතාව පළකර තිබෙනවා. එය සිදුකරනුයේ රටේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා කටයුතු කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය අංශ සමග අත්වැල් බැඳගෙනයි.”

     

    සමාජයීය හා පාරිසරික බලපෑම අවම වන ආකාරයට මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රියාවලිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග එක්ව තාක්ෂණික වශයෙන් විශ්ලේෂණය කිරීමට ඉන්සී ඉකෝසයිකල් සමාගම කටයුතු කළේ ය. මෙම විශ්ලේෂණයට සියලූම පාරිසරික, සමාජයීය, සෞඛ්‍ය හා සුරක්ෂතතා අංශ  ඇතුළත් අවදානම් තක්සේරුකරණ සහ පාලන ක‍්‍රියාකාරී සැලැස්මක් ඇතුළත් වූ අතර මෙහිදී පෙර- සැකසුම්, ප‍්‍රවාහන හා සහ-සැකසුම් ක්‍රියාදාමයන් සියල්ල ආවරණය කරන ලදි.

     

    මේ සම්බන්ධයෙන් ඉන්සී සිමෙන්ට් ශ‍්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා මෙසේ අදහස් දැක්වී ය. ‘‘ශ‍්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂපාදන ක‍්‍රියාවලියක් සහිත කර්මාන්තශාලාව අප සතුව පවතින නිසා, මේ සඳහා විසඳුමක් ලබාදීමේ හැකියාව අප සතුව තිබෙනවා. මතින් තොර රටක් නිර්මාණය කිරීමේ මෙම ජාතික කර්තව්‍යයට දායක වීමට ලැබීම අපට විශාල සතුටක්. ශ‍්‍රී ලංකාවේ පූර්ණ සිමෙන්ති නිෂපාදන ක්‍රියාවලියක් සහිත සිමෙන්ති .'Cement Kiln co-processing' . කර්මාන්තශාලාව පුත්තලමේ පිහිටි අපගේ සිමෙන්ති කර්මාන්තශාලාවයි. අප හැම විටම අපගේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලූම දෙනාගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව සම්බන්ධයෙන්දැ ඩි අවධානය යොමුකරන සමාගමක්. ඒ ඔස්සේ ඉතාමත් විධිමත් හා සුරක්ෂිත ලෙස හානිකර මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා.”

     

    ඉන්සී ඉකෝසයිකල් සමාගමේ අධ්‍යක්ෂ සංජීව චූලකුමාර මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. ‘‘රටේ එකම තිරසාර කාර්මික අපද්‍රව්‍යය කළමනාකරණ සමාගම වන්නේ ඉන්සී ඉකෝසයිකල් සමාගමයි. මේ වනවිට අප වසර 16 කට අධික කාලයක් තිස්සේ අන්තරාදායක කාර්මික අපද්‍රව්‍යය ටොන් 650,000 කට අධික ප‍්‍රමාණයක් සුරක්ෂිත ලෙස බැහැර කර තිබෙනවා. මෙබඳු අපද්‍රව්‍යය සුරක්ෂිත ලෙස බැහැර කිරීම ඇත්ත වශයෙන්ම විශාල අභියෝගයක්. මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදෙන ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යසාධක බලකාය යන ආයතන වලට ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක්ක කරගන්නවා.”

     

    ශ‍්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. ‘‘ඉන්සී ඉකෝසයිකල් සමාගම .'Cement Kiln co-processing' . ක්‍රියාවලිය ඔස්සේ ප‍්‍රථම කොකේන් තොගය ආරක්ෂාකාරී ලෙස විනාශ කළේ 2018 වසරේදීයි. ඔවුන්ගේ තාක්ෂණික දැනුම, විධිමත්භාවය සහ අති නවීන පහසුකම් ආදිය එහිදී අප හොඳින් දුටුවා. රාජසන්තක කළ කොකේන් තොග විනාශ කිරීම සඳහා මෙලෙස නැවත වරක් එම සමාගම සමග අත්වැල් බැඳගැනීමට ලැබීම සතුටක්.”

     

    'Cement Kiln co-processing'  ක්‍රියාවලිය යටතේ කොකේන් තොග විනාශ කිරීම සඳහා ක‍්‍රම කිහපයක් පවතී. මෙහිදී කොකේන් හයිඞ්රොක්ලෝරයිඞ් තොග ද්‍රව හාරක මාධ්‍යයක් ඔස්සේ සහ-සැකසුමට ලක්කෙරෙන අතර එය සංවෘත පද්ධතියක් තුලදී සිදුකෙරේ. එම නිසා ඒවා පරිසරයට නිරාවරණය වීම අවම වන අතර, එහි අවදානම සහ සමාජ බලපෑම සලකා බලන විට, 100% ක ආරක්ෂාවක්ද තහවුරු කරයි.

     

    රාජසන්තක කළ කොකේන් ජලීය මාධ්‍යයක් ඔස්සේ ද්‍රවීකෘත කෙරේ. පෙර සැකසුම් ක්‍රියාවලිය තුළදී ද්‍රව්‍යයේ රසායනික ව්‍යුහය සහ භෞතික තත්ත්වය පරිවර්තනයකට ලක්කෙරෙන අතර, පූර්ව පරීක්ෂණ වලදී ගණනය කළ අනුපාතයන්ට අනුව, කිසිදු අවශේෂයක් ඉතිරි නොකර ජලයේ දියවී යයි. ද්‍රව්‍ය දෘශ්‍යමය වශයෙන් වෙන්කර හඳුනාගැනීමට හැකිවීම සඳහා වර්ණකයක් එකතු කෙරේ.