ඉලෙක්ට්‍රික් වාහන පෙරළියේ මහින්ද්‍රා සූදානම මෙන්න

    June, 22, 2017

    මුළු ලෝකයම මේ වන විට ප්‍රනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත යොමු වෙමින් පවතින බවත් ඒ අනුව යමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, වසර 2030 වන විට ඉන්දියාවේ මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහන ඉලෙක්ට්‍රික් වාහන බවට පරිවර්තනය කිරීමට තීරණය කිරීම වැදගත් පියවරක් බවත් අයිඩියල්මෝටර්ස් සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා පැවසීය. Ideal Vision Auto & Lifestyle Show 2017 පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙල්ගම මහතා මේ බව කියා සිටියේය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙල්ගම මහතා මෙසේ පැවසීය.

     

    “මුළු ලෝකයම ඉලෙක්ට්‍රික් මෝටර්රථ වෙත යොමුවෙනවා. අද වන විට ලෝකය පුරා බිලියන 1.2 කට වැඩි වාහන ප්‍රමාණයක් භාවිතා වෙනවා. මෙයින් මිලියන 2 ක් පමණ ඉලෙක්ට්‍රික් වාහන. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වැදගත් පියවරක් ඉදිරියට තබමින් 2030 වසර වන විට ඉන්දියාවේ මාර්ගවල ධාවනය වන සියලු වාහන ඉලෙක්ට්‍රික් වාහන බවට පත්විය යුතු බවට තීරණය කර තිබෙනවා. හා සිතන්නේ ඔහු කරන්නේ හරි දේ. මහින්ද්‍රා සිටින්නේ මෙම තීරණයට පියවර ගණනාවක් ඉදිරියෙන්. 2010 වසරේ දී මහින්ද්‍රා සමාගම ඉන්දියාවේ පළමු ඉලෙක්ට්‍රික් කාරය සැදූ REVA Electric Car Co Ltd මිල දී ගත්තා.

    මේ වන විට ඉන්දීය රජය ටෙස්ලා සමාගම සමග සම්බන්ධතා ඇති කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මුළු ලෝකයම පුනර්ජනනීය බලශක්ති වෙත නැඹුරු වෙමින් සිටිනවා. “

     

    නලින් වෙල්ගම මහතාගේ සම්පූර්ණ කථාව පහතින් නැරඹිය හැකිය.