ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ නිරත වන ප්‍රථම චීන සංචාරය වන මෙම සංචාරය, ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගිතාවය ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරයෙහි නිරත වන චීන දූත පිරිස හෙට (ඔක්තෝබර් 09) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අපේක්ෂා කෙරේ.
මෙම වැදගත් සංචාරයේ අරමුණ වෙනුවෙන් පිහිටුවා ඇති සංචාරක බුබුල මගින් කොළඹට පැමිණෙන දූත පිරිස සීමා කරනු ලබන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන දැඩි සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත යටතේ රාජ්‍ය නායකයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන රැස්වීම් දෙකකට පමණක් ඔවුන්ගේ කටයුතු සීමා කෙරෙනු ඇත.
-News.lk










































































































































