January, 25, 2022
උගන්ඩා බැංකුවේ (Bank of Uganda) අධිපති Emmanuel Tumusiime-Mutebile අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 72 හැවිරිදි වියෙහි පසුවිය.
දියවැඩියා රෝගයේ සංකූලතා හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව උගන්ඩා මාධ්‍ය වාර්තා පෙන්වා දේ.
උගන්ඩාවේ ජනාධිපති Yoweri Museveni ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ Mutebile යනු "ආර්ථික කරුණු පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියකින් සහ ඉදිරි දැක්මකින් යුතු නිහතමානී පුද්ගලයෙක්" බවයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ටිව්ටර් පණිවුඩයක් තබමින් සිය ශෝකය පළ කර ඇත.
My heartfelt #condolences to the Staff of the Bank of Uganda and all Ugandans of the demise of #Governor Prof. Emmanuel Tumusiime-Mutebile a seasoned #economist who spearheaded the design and implementation of the #Economic Reform Programme 1/2 pic.twitter.com/WLAHNy2H6T
— Ajith Nivard Cabraal (@an_cabraal) January 24, 2022
Video Story