උතුරු මැද මහ ඇළ ඉදිකිරීම් ව්‍යාපෘතියේ කි.මී. 27.7ක උමං මාර්ග කොටස ඉදිකිරී‍මේ කොන්ත්‍රාත්තුව China State Construction Engineering වෙත

    December, 2, 2020

    ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ එක් පැකේජයක් වශයෙන් කෝඳුරුවාව සිට නාමල්පුර දක්වා මින්නේරිය, ගිරිතලේ හා හුරුළු සංරක්ෂිත වනාන්තර හා අභය භූමිවලට යටින් කිලෝමීටර 27.7ක දිගකින් යුත් උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් කැඳවා ඇත.

    ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව China State Construction Engineering Corporation Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උතුරු මැද මහ ඇළ ඉදිකිරීම් ව්‍යාපෘතියේ සම්පූර්ණ දිග කිලෝමීටර 95.86 කි.