උද්ධමනය නගී

    July, 31, 2014

    මෙරට උද්ධමනය පහළ මට්ටමක තබා ගැනීමට අවධානය යොමුකළ යුතුයැයි මූල්‍ය අරමුදල පවසා පැය කිහිපයක් ගතවෙද්දී නිකුත් වූ නවතම දත්ත මගින් ආනාවරණය වන්නේ උද්ධමනය වැඩි වේගයකින් ඉහළ යන බවයි.

    ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව නිකුත් කර තිබෙන දත්ත වලට අනුව මේ ජූලි මාසයේ මෙරට උද්ධමනය සියයට 3.6 ක් දක්වා පසුගිය ජුනි මාසයේ තිබූ සියයට 2.8 ක සිට වැඩිවී තිබේ.

    සාමාන්‍ය මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම උද්ධමනය ලෙසින් හඳුන්වන අතර එයින් පෙන්නුම් කරන්නේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ නැගීමයි.