උපරිම ඉඩම් අයිතිය බලහත්කාරයෙන් තීරණය කරන්න බැහැ – ඇමති නවීන් කියයි VIDEO

    December, 9, 2016

    මෙවර අයවැය යෝජනාවලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගමක් සතු උපරිම ඉඩම් අයිතිය අක්කර 5,000 කට සීමා විය යුතුය යන යෝජනාව බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළ හැක්කක් නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “මේ යෝජනාවෙන් කියන්නේ අක්කර 25,000 ක් තියෙන සමාගමකට අක්කර 5,000 බැගින් වන ප්‍රධාන සමාගම යටතේ වන අනුසමාගම් 5 ක් පිහිටුවන්න කියලා. මෙවැනි තීරණයකින් සමාගම්වල වියදම වැඩි වෙනවාද නැතිනම් අඩු වෙනවාද යන්න තීරණය කළ යුතුයි. මෙය සමාගම්වල අනුමැතිය ඇතිව කළ යුතු දෙයක්. එ්ක බලහත්කාරයෙන් කරන්න බැහැ. වෙළෙඳපොළ ආර්ථිකයක සමාගමක්, පිට ඉඳගෙන හසුරුවන්න බැහැ“, යැයි අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    https://www.youtube.com/watch?v=nJquUpWc3N0

    රජය සතුව පැවති වතු සමාගම් පුද්ගලික අංශයට පවරා වසර 25 කට ආසන්න කාලයක් ගත වී ඇතත් ඒවායේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව පවසමින් ප්‍රාද්ශීය වැවිලි සමාගමක් සතු උපරිම ඉඩම් අයිතිය අක්කර 5,000 කට සීමා කිරීමට යෝජනා කරන මුදල් අමාත්‍යවරයා මෙවර අයවැය කතාවේ දී කියා සිටියේය.