උසස් පෙළ විශිෂ්ටයින් හාර්වර්ඩ්, MIT, ඔක්ස්ෆර්ඩ්, කේම්බි‍්‍රජ් යවන්න රජයෙන් අරමුදලක්

    March, 6, 2019

    අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ දී භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාක්ෂණය, වාණිජ හා කලා විෂයය ක්ෂේත‍්‍රයේ රටේ ඉහළම ප‍්‍රතිඵල පෙන්වනු ලබන්නන් සඳහා හාර්වර්ඩ්, MIT, ඔක්ස්ෆර්ඩ්, කේම්බි‍්‍රජ් වැනි ඉහළම ගණයේ විශ්වවිද්‍යාලවල උපාධි ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා වන Scholarship for Educational Excellence- SEE අරමුදල දියත් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 2019 අයවැය කතාවේ දී මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඒ අනුව 2019 අගෝස්තු විභාගයේ ප‍්‍රතිඵල අනුව මෙම ශිෂ්‍යත්ව සඳහා ප‍්‍රථම කණ්ඩායම තෝරාගනු ලැබේ. එක් එක් විෂය ධාරාවේ ඉහළ ප‍්‍රතිඵල පෙන්වනු ලබන්නන් සඳහා ශිෂ්‍යත්ව 14 ක් පිරිනමනු ඇත.

    මෙසේ තෝරාගනු ලබන්නන් නැවත පැමිණ අවම වශයෙන් අවුරුදු 15 ක් ශ‍්‍රී ලංකාවේ සේවය කළ යුතුය. ප‍්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව ගණන ඉදිරි වර්ෂවල දී වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.