එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 100 ඉක්මවයි. වසරක් තුළ 2,000% ක වර්ධනයක්

    August, 23, 2021

    "මම කිසි විටෙකත් කොටස් වෙළඳපොලේ මුදල් ඉපයීමට උත්සාහ නොකරමි. මම මිලදී ගන්නේ ඊළඟ දවසේ ඔවුන් වෙළඳපොල වසා දමා වසර පහක් යන තුරු එය විවෘත ‌නොකරන බවට උපකල්පනය කරමිනි." - වොරන් බෆේ

    ලොව ප්‍රමුඛතම කොටස් ආයෝජකයා ලෙසින් නම් දරා සිටින, වරක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹුණු, අදටත් ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගෙන් අයෙකු වන ‌වොරන් බෆේ වරක් ඒසේ කියා සිටියේය.

    ඒසේම කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් ද වොරන් බෆේ ගේ තවත් ජනප්‍රිය කියමනක් වේ. ඒනම් ‌'කොටස් වෙළඳපොල යනු නොඉවසිලිවන්තයාගෙන් ඉවසිලිවන්තයාට මුදල් මාරු කිරීමේ උපකරණයක්' යන්නයි.

    මෙම කියමන් දෙකටම අදාළ හොඳම උදාහරණයක් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළෙන් ලබා දිය හැකිය. ඒනම් පසුගිය සිකුරාදා (20) දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. 100 සීමාව ඉක්මවා කොටස් මිල තීරණය වූ ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී සමාගමයි. පසුගිය වස‌රේ මෙවැනි දිනක (2020 අගෝස්තු 20) රු. 5.00 ක පමණ මිලකට ගනුදෙනු වූ ඒක්ස්පෝලංකා කොටසක මිල වසරක් වැනි ‌කාලයක් තුළ දී 20 ගුණයකින් ඉහළ ගොස් ඇත.

    2011 වසරේ දී ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සිය මූලික කොටස් නිකුතුව සිදුකරනුයේ රු. බිලියන 2.4 ක අරමුදලක් සම්පාදනය කර ගැනීමේ අරමුණෙනි. ඒහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 172 ක් මහජනයා වෙත නිකුත් කෙරුණේ ඒකක් රු. 14.00 බැගිනි. කාලාන්තරයක් පුරාවට නිකුත් කළ මිලටත් වඩා අඩු මිලකට ගනුදෙනු වූ ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල පසුගිය 2020 වසරේ මැයි මාසයේ දී රු. 1.70 ක් තරම් පහළ මට්ටමකට ද ඇද වැටුණි.

    කෙසේවෙතත් ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය තුළ ලෝක වෙළෙඳාමෙහි ඇති වූ නවතම පරිවර්තනීය විභවයන් සාර්ථකව හඳුනාගත් ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් 2020/2021 පළමු කාර්තුවේ සිටම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්නට සමත් වූ බව ඒහි මූල්‍ය ප්‍රකාශන පිරික්සීමේ දී පැහැදිලි වනු ඇත.

    2020 මාර්තු 31 න් අවසන් කාර්තුවේ දී සමාගම රු. මිලියන 332 ක අලාභයක් වාර්තා කර තිබුණි. නමුත් ඉන්පසු කාර්තුවල දී ඒක්ස්පෝලංකා ‌හෝල්ඩිංග්ස් ක්‍රමයෙන් ලාභදායී මාවතට පිවිසියේ ක්‍රමික ඒහෙත් දැවැන්ත වර්ධනයක් ද සමඟිනි. මේ අනුව ඉන්පසු ඒක් ඒක් මූල්‍ය කාර්තුවල දී සමාගම වාර්තා කළ බදුගෙවීමෙන් පසු ලාභදායීත්වය පහත පරිදි දැක්විය හැකිය.

    2020 ජූනි 30 කාර්තුව - රු. බිලියන 1.75
    2020 සැප්තැම්බර් 30 කාර්තුව - රු. බිලියන 4.54
    2021 මාර්තු 31 කාර්තුව - රු. බිලියන 4.02
    2021 ජූනි 30 කාර්තුව - රු. බිලියන 6.30

    2021 ජූනි කාර්තුව තුළ දී මෙරට ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ලාභයක් වාර්තා කළ සමාගම බවට ද මේ අනුව ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පත්විය.

    මේ අතර 2021 මාර්තු 01 දින එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ හිමිකාරීත්වය දරන සමාගමක් වන ඇමරිකා එක්සත් ජනපදයේ EFL Global LLC විසින් එරට ලොජිස්ටික්ස් ව්‍යාපාරයේ නිරත සමාගම් 3 ක් මිල දී ගැනීමට කටයුතු කර තිබුණි. මේ සඳහා ආයෝජනය කළ මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.2 කි. Seville Container Freight Station Inc., Seville Freight Systems Inc., සහ Seville Transfer Ltd යන සමාගම් තුනේ 100%ක කොටස් හිමිකාරීත්වය මේ අනුව EFL Global LLC විසින් අත්පත් කර ගෙන තිබේ. Seville යනු එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළ තුළ උපක්‍රමික වශයෙන් ඉහළ වැදගත්කමකින් යුතු බන්ධිත බහාලුම් නැව් බඩු මධ්‍යස්ථානයකින් (Bonded Container Freight Station) හා බන්ධිත ට්‍රක් (Bonded Trucking) සේවා සැපයුම් සමාගමකින් සමන්විත වූවකි. සමාගමේ කටයුතු තවදුරටත් පුළුල් වූයේ ඒයාකාරයෙනි.

    ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි විශාලතම කොටස්කරුවා වේ. සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් කොටස් බිලියන 1.47 ක් හෙවත් 75.62%ක හිමිකාරීත්වය ඔවුන් සතුව පවතී. SG HOLDINGS ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් වෙත බැල්ම හෙලන්නේ 2014 වසරේ දීය. 2014 මැයි 09 දින එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 586.4 ක් SG Holdings විසින් මිල දී ගන්නේ ඒක් කොටසක් රුපියල් 10.70 ක් බැගිනි.

    මේ අතර 2016 ‌පෙබරවාරි 02 දින වන විට SG Holdings Global PTE. LTD හි ඒක්ස්පෝලංකා කොටස් හිමිකාරීත්වය 51.43% කි. ඒවකට සමාගමේ දෙවැනියට විශාලතම කොටස් හිමියා වූ ඔස්මාන් කාසිම් සහ තවත් අයෙකු සතුව තිබූ රුපියල් බිලියන 2.6ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් මිල දී ගත්තේ 67% ක් දක්වා සිය අයිතිය වර්ධනය කරගනිමිනි.

    2011 මාර්තු 31 දිනට ඒක්ස්පෝලංකා සමූහයේ ඒ්කාබද්ධ පිරිවැටුම රු. බිලියන 29 ක් විය. ඒහෙත් ඒය 2021 මාර්තු 31 වන විට සටහන් වන්නේ රු. බිලියන 218 ක් ලෙසයි. ඒය සමාගමේ වර්ධනය පිළිබඳ ඇති හොඳම සාක්ෂිය වනු ඇත.

    එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් යනු ශ්‍රී ලංකාවේ සමාගමකි. නමුත් අද ඒය ගෝලීය විවිධාංගීකරණය වූ සමූහයකි. ලොජිස්ටික්ස්, විවේකාස්වාද සහ ආයෝජන ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක ඒහි කටයුතු විහිදී පවතී. අද වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් දෙවැනියට විශාලතම සමාගම වන්නේ මෙයයි. මෙහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 196 කි.

    මෙම ලිපිය කිසිසේත්ම ඒක්ස්පෝලංකා ‌හෝල්ඩිංග්ස් හි කොටස් මිල දී ගැනීම ප්‍රවර්ධනය කිරීමක් නොවේ. කොවිඩ් වසංගතයට ශ්‍රී ලංකාව ගොදුරු වී වසරකට අධික කාලයක් ගත වී තිබුණු අවධියක විචක්ෂණශීලී ලෙස වර්ධනය වූ ව්‍යාපාරකයට උදාහරණයක් සැපයීම පමණි. මෙලෙස වසංගත කාලපරිච්ඡේදය තුළ සිය ඉතිහාසයේ ලද ඉහළම කාර්යසාධනය වාර්තා කිරීමට සමත් වූ සමාගම් රැසක් අද වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ඇත. ඒ අතුරින් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක සමාගම් ද කිහිපයකි. ඒවා ආදායම් ලබන්නේ ඩොලර්වලිනි.

    අනෙක් අතරට සංචාරක කර්මාන්තය කොවිඩ් වසංගතයේ සෘජු බලපෑමට ලක් වීමත් සමඟම වර්තමානයේ දී හෝටල් සමාගම් සියල්ලක්ම පාහේ සිටින්නේ අලාභ ලබන තත්ත්වයකය. ඒබැවින් හෝටල් සමාගම්වල කොටස් මිල ගනන් ද පවතින්නේ ඉතා පහළ මට්ටම්වල බව කිව්වවොත් නිවැරදිය. බොහෝ හෝටල් කොටස් ගනුදෙනු වන්නේ අදාළ සමාගම්වල කොටසක ශුද්ධ වත්කම් වටිනාකමටත් වඩා අඩු මිල ගණන්වලටය. යම් අයෙකු කොවිඩ් වසංගතයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳ සුභ සිහින දකින්නේ නම් හෝටල් කොටස් හි ආයෝජනයට මෙය තරම් තවත් හොඳ කාලයක් යළිත් නොඒළඹෙනු ඇත. ඒය ඒක් කර්මාන්ත ක්ෂේත්‍රයක් ගැන උදාහරණයක් පමණි.

    පසුගිය වසර තුළ දී පවා ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටස් මිල ඉහළ ගියේ සරල රේඛාවක් ආකාරයෙන් ‌නොවේ. ඒය බොහෝ උච්ඡාවචනයන්ට ගොදුරු වූ අයුරු ඉහත ප්‍රස්ථාර සටහනින් පැහැදිලි වනු ඇත.

    ඔබ ලෝකයේ කුමන කොටස් වෙළෙඳපොළක ආයෝජනය කළත්, ඒය සිදුකරන්නේ මූලධර්ම මත පදනම්ව නම්, කෙදිනක හෝ ඒහි අග්‍රඵලය භුක්ති විඳීමේ අවස්ථාව ඔබට හිමිවනු ඇත. නමුත් කෙටි කාලයක දී ඉක්මනින් මුදල් ඉපයීමට කොටස් වෙළෙඳපොළ වෙත යොමුවනවා නම් ඒය අධික අවදානම් ක්‍රියාවක් බව සිහිතබා ගත යුතුවේ. මක් නිසාද යත් "රෝමය ඒක දවසකින් ගොඩනැඟුනක් නොවන නිසාත් හිරෝෂිමාව ඒක් ක්ෂණයකින් සුණුවිසුණු වී ගිය නගරයක්' වන නිසාත්ය.

     

    - සංස්කාරක සටහනකි