එටිසලාට් සමාගම ශ‍්‍රී ලංකාවේ Cyber bullying වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කරයි

    November, 29, 2017

    පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ පීඩා සිදුකිරීම් හෙවත් 'Cyber Bullying' විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. 'Cyber Bullying' මගින් සිදුවන්නේ කෙටි පණිවිඩ, ඊමේල් හෝ සමාජ මාධ්‍ය වැනි ක‍්‍රම භාවිතයෙන් වෙනත් කෙනෙකුට තර්ජන හෝ පීඩාවන් ඇතිකිරීම ය. හිතාමතාම කෙනෙකුට සෘජුව හෝ වක‍්‍රව කායික හෝ මානසික හිංසා පීඩා පැමිණවීමට මෙන්ම හුදෙක් මිතුරෙකුට මිතුරියකට උසුළු විසුළු කිරීමටද මෙම ක‍්‍රමය භාවිතා වේ. මෙය බොහෝ විට සිදුකරනු ලබන්නේ නවීන තාක්ෂණය භාවිතා කිරීමේ අවස්ථාව හිමිවී ඇති දරුවන් හෝ නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් විසිනි.

    මීට පිළියමක් වශයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරනුයේ අදාළ සිද්ධි වාර්තා කිරීමට හෝ පීඩා පමුණුවන්නා Block කිරීමට අවස්ථාව ලබාදීම (Report, Block and Tell ක‍්‍රමය)වැනි සීමාසහිත ක‍්‍රමවේදයන් පමණි. මෙම ක‍්‍රමය මගින් බොහෝ දුරට පීඩා පමුණුවන්නා අධෛර්යයට පත්වන්නේ හෝ පීඩා ලබන්නාට සැනසීමක් ඇතිවන්නේ නැත.

    Cyber Bullying යනු අන්තර්ජාලය පදනම් කරගත් හානිකර ක‍්‍රියාවන් කිහිපයකට පොදුවේ භාවිතා වන යෙදුමකි. කෙනෙකුට පීඩා පැමිණවීම මෙන්ම අනවසරයෙන් පෞද්ගලික තොරතුරු සෙවීම, අසත්‍ය ප‍්‍රචාර පැතිරවීම, පොදු කටයුතු වලින් අදාළ පුද්ගලයා බැහැර කරවීම, විවාදයන් උත්සන්න වී ඒවා අපහාස බවට පත්වීම, කීර්තිනාමයට හානි සිදුකිරීම, හෙළාදැකීම, අපහාස කිරීම හෝ අනන්‍යතාව සොරකම් කිරීම වැනි ක‍්‍රියාවන් රාශියක් සඳහා මෙය පොදුවේ භාවිතා වේ.

    මෙරට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර Cyber Bullying පැතිර ඇති ආකාරය සම්බන්ධයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පර්යේෂණයක් සිදුකර ඇත. Cyber Bullying සිදුකිරීමට හේතුව සහ ඊට පිළියම් යෙදිය හැකි ආකාරය වටහා ගැනීම සඳහා විශ්ව විද්‍යාල මට්ටමේ Cyber Bullying ප‍්‍රවණතා හඳුනා ගැනීම(1) මෙම පර්යේෂණයේ ඉලක්කය විය. මෙරට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන, වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයස් වල පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 55 දෙනෙක් මෙම පර්යේෂණයට සහභාගී වූහ.

    එහි ප‍්‍රතිඵල මෙසේ දැක්විය හැකි වේ.

    x              පර්යේෂණයට සහභාගී වූ සිසුන් අතරින් 90% ක් පමණ Cyber Bullying සිද්ධි වලට මුහුණ දී ඇත.

    x              තමන් හඳුනන වෙනත් පුද්ගලයන්ද Cyber Bullying සිද්ධි වලට මුහුණ දී ඇති බව මෙම සිසුන් සියලූ දෙනාම පාහේ කියා සිටියහ.

    x              Cyber Bullying සිද්ධි අතරින් වැඩිම ප‍්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවී ඇති අතර ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ෆෙස්බුක් වෙබ් අඩවිය තුළදී ය.

    x              විශ්ව විද්‍යාල ශිෂ්‍යන් අතර වැඩියෙන්ම වාර්තා වූ Cyber Bullying සිද්ධි වන්නේ ලැජ්ජාව ඇතිකරවන ඡdයාරූප හෝ වීඩියෝ පළකිරීම (65%), කිසියම් කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීම (15%),  ඕපා¥ප හෝ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හැරීම (9%) සහ අපහාස වන අයුරින් අදහස් පළකිරීම (2%) යනාදියයි.

    මේ අතරින් බොහෝ දෙනෙකු නව යොවුන් වියේ තරුණ තරුණියන් ලෙස මුලින්ම Cyber Bullying සිද්ධි වලට මුහුණ දී තිබිණි. සාමාන්‍යයෙන් ඔවුන් Cyber Bullying සිද්ධි වලට මුලින්ම මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 16 ත් 19 ත් අතර කාලයේදී ය. මේ අතරින් බොහෝ දෙනෙකුට විශ්ව විද්‍යාල ජීවිතය දක්වාම මෙම සිද්ධි වලට මුහුණදීමට සිදුවී තිබිණි. Privacy Settings සකස් කිරීම සහ Block කිරීම වැනි ක‍්‍රම භාවිතයෙන් පසුව පවා වාර 1 ත් 3 ත් අතර සංඛ්‍යාවක් ඔවුන්ට මෙබඳු පීඩා පැමිණවීම්වලට මුහුණ දීමට සිදුවී ඇත. ඇත්ත වශයෙන්ම මෙබඳු පීඩාවන් උත්සන්න වීම නිසා ඒවාට ගොදුරු වූවන් සියදිවි නසාගත් අවස්ථා පවා වාර්තා වේ. Cyber Bullying මගින් ඇතිවන මානසික පීඩාව එතරම් දරුණු ය.

    මෙම වධහිංසාවන්ට ගොදුරු වූ බොහෝ දෙනෙක් ඉන් අනතුරුව සමාජයට අනුගත වීමේ දුෂ්කරතාවන්ට පවා මුහුණ දෙති. මෙහි ඇති ප‍්‍රධානතම ගැටලූවක් වන්නේ දරුවන්ට අලූත් දේ ඉගෙනගෙන තම දියුණුව සාක්ෂාත් කරගැනීම සඳහා ඇති අවස්ථා බොහොමයක් Cyber Bullying නිසා මගහැරී යාමයි.

    මෙම පසුබිම යටතේ, Cyber Bullying ප‍්‍රවණතාව බරපතළ සමාජ ගැටලූවක් බවට පත්වෙමින් අනාගත පරපුරට දැඩි හානි පමුණුවමින් සිටින බව අවබෝධ කරගත් එටිසලාට් ලංකා සමාගම මේ සම්බන්ධයෙන් විශේෂ සංවාදයක් පැවැත්වීමට කටයුතු කළේ ය. මෙහිදී දරුවන්ට සහ නව යොවුන් තරුණ තරුණියන්ට Cyber Bullying නිසා ඇතිවන බලපෑම සහ එය වැළැක්වීම සඳහා පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. එටිසලාට් ලංකා සංගමේ අධ්‍යක්ෂ (පාරිභෝගික අත්දැකීම්) රොමේෂ් ද මෙල් මහතා විසින් සංවාදය මෙහෙයවන ලද අතර ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස්, එටිසලාට් ලංකා සමාගමේ අධ්‍යක්ෂ (අලෙවි) යාර්තව් මතියපරානම් මහතා සහ Wonder Woman ලෙස සැරසීම නිසා අන්තර්ජාලය ඔස්සේ පීඩා සිදුකිරීමේ සිද්ධියකට මුහුණ දුන් අමායා සූරියප්පෙරුම යන මහත්ම මහත්මීහු මෙම සංවාදයට සහභාගී වූහ.

     

     

    මූලාශ‍්‍රය: