එමිරේට්ස් විශේෂ ගාස්තු සමග 2021 වසරේ යළිත් ලෝකය සමග එක්වීමට ආරාධනයක්

    January, 20, 2021

    නව වසරේ තම පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග නැවත එක්වීමට හෝ නව ගමනාන්තවල අසිරිය විඳගැනීමේ අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් ගුවන් සමාගම සිය ගෝලීය ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. මේ අනුව, එමිරේට්ස් මගීන්ට 2021 වසරේ මෙම ආකර්ශනීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත.

    මෙම වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත සියළු ගාස්තු ඇතුළත්ව ඉකොනොමි පන්තියේ ප‍්‍රවේශ පත‍්‍රයක් ඇමරිකානු ඩොලර් 310 කින් (පවතින විනිමය අනුපාතයට අනුව රුපියල් 58,300 ක් පමණ) සිට ආරම්භ වන බවයි. ශ‍්‍රී ලංකාවේ සිට පැරිසිය දක්වා ඉකොනොමි පන්තියේ ගමන් කිරීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 609 කින් (රුපියල් 114,500 ක් පමණ) ද, ලන්ඩනය දක්වා ඇමරිකානු ඩොලර් 793 කින් (රුපියල් 149,000 ක් පමණ) ද, ටොරෙන්ටෝ දක්වා ඇමරිකානු ඩොලර් 1,215 කින් (රුපියල් 228,300 ක් පමණ) ද ආරම්භ වේ. මේ අතර, ව්‍යාපාරික පන්තියෙහි ඩුබායි දක්වා ගමන් කිරීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 1,082 කින් (රුපියල් 203,300 ක් පමණ) ආරම්භ වන අතර පැරිසියට ඇමරිකානු ඩොලර් 2,553 කින් (රුපියල් 479,700 ක් පමණ) හා ලන්ඩනයට ඇමරිකානු ඩොලර් 2,622 කින් (රුපියල් 492,600 ක් පමණ) ප‍්‍රවේශ පත් ආරම්භ වේ. මෙහිදී, රුපියල් ගාස්තුව ප‍්‍රවේශ පත‍්‍රය මිලදීගන්නා දිනයේ තිබෙන විනිමය අනුපාතය අනුව තීරණය වේ.

    මෙම වට්ටම් ලබාගැනීම සඳහා මෙම ප‍්‍රවේශපත‍්‍ර වෙන් කරවා ගැනීම 2021 ජනවාරි 19 වනදා සිට පෙබරවාරි 01 වනදා දක්වා කාලය තුළ සිදුකළ යුතු අතර සංචාරය කිරීම ජනවාරි 20 වනදා සිට 2021 ජුනි 15 දක්වා කාලය තුළ සිදුකළ යුතුය. එමිරේට්ස් විසින් ලබාදෙන ඉතාමත් පහසු ආසන වෙන්කර ගැනීමේ පහසුකම් සහ කොවිඞ්-19 ආවරණයක්ද ඇතුළත් වන බහු අවධානම් ගමන් රක්ෂණාවරණයක්ද මෙහිදී මගීන්ට සෑම ගමන් වාරයකදීම හිමිවේ. මෙහිදී, ශ‍්‍රී ලංකාවෙන් පිටවන සහ පැමිණෙන ගුවන් ගමන් සියල්ල සිදුකරන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය සහ ආරක්ෂණ නියාමන රෙගුලාසි වලට අනුවයි.

    එමිරේට්ස් විසින් කර්මාන්තයේ උසස්ම නිෂ්පාදන සහ සේවා ලබාදෙමින් සෑම පන්තියකම ගුවන් මගීන් සඳහා උසස්ම වටිනාකම් ලබාදෙයි. එසේම, චිත‍්‍රපට, සංගීත වැඩසටහන් ඇතුළුව නාලිකා 4500 කින් සමන්විත ගුවන් සේවයේ සම්මානනීය ice විනෝදාස්වාද පද්ධතිය ඔස්සේ පිරිනැමෙන අතර සෑම පන්තියකම මගීන්ට විවිධ වූ ආහාර සහ පාන වර්ග පිරිනමයි.

    ගුවන් ගමන් වෙන්කරවා ගැනීම සහ කොන්දේසි පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඇතුළු වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා සංචාරක ගමන් නියෝජිතයින් වෙත හෝ www.emirates.com/lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.