එමිරේට්ස් සුපිරි A380 ගුවන් යානය කොළඹට පැමිණෙයි

    August, 15, 2017

    ශ්‍රී ලාංකේය ගුවන් සේවා ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුවහන් කරමින් එමිරේට්ස් සමාගමේ නවතම  එයාර්බස් A380 ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කළේය.

    මෙම ඓතිහාසික අවස්ථාව සඳහා පැමිණි ගුවන් යානයේ ප්‍රභූ අමුත්තන් සමඟ සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් පත්කර තිඛෙන තානාපති Abdul Hameed Abdul Fattah Kazhim Al-Mulla මහතා සහ එමිරේට්ස් සමාගමේ බටහිර ආසියා සහ ඉන්දියානු සාගර කළාපයේ වාණිජ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති Ahmed Khoory මහතා පිළිගැනීම සඳහා ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. මෙම ගුවන් ගමන ඉතිහාස ගතවන්නේ ශ්‍රී ලංකාව වෙත A380 ගුවන් යානයක් සිදුකළ පළමු වාණිජ ගුවන් ගමන ලෙසයි.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය අළුත්වැඩියා කිරීම සහ වැඩි දියුණු කිරීම සමරමින් විශේෂ A380 ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙය පැමිණියේ ඩුබායි සිට EK654 නැමති ගුවන් යානය ලෙසයි. මීට පෙර එමිරේට්ස් විසින් මෙම ගමන්නාතයේදී කොළඹ වෙත ක්‍රියාත්මක කළේ B777 ගුවන් යානයයි. මෙම සුවිශේෂී ගුවන් යානය පැය 06 කට වැඩි කාලයක් බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ නවතා තිබුණු අතර ගුවන් තොටුපොළ විධායක නිළධාරීන්ට, ප්‍රභූන්ට, වෙළඳ පාර්ශවකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට මෙහි තිඛෙන First Class Suites, Shower Spas සහ On-board lounge ඇතුළු අති නවීන පහසුකම් නැරඹීමට මෙහිදී අවස්ථාව උදාවිය.

    බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ ගේට්ටු අංක 08 හි, පිළිගැනීමේ අංශය වෙත පැමිණි අමුත්තන් එමිරේට්ස් සමාගම වෙනුවෙන් පිළිගනිමින් Ahmed Khoory මහතා මෙසේ පැවසීය. 'මෙම සුවිශේෂී ගුවන් ගමන මගින් පෙන්නුම් කරන්නේ මෙම වෙළඳපොළ පිළිබඳව අපගේ තිඛෙන ශක්තිමත් සම්බන්ධතාවය සහ මෙම ගමනාන්තය වෙත තිඛෙන අපගේ කැපවීමයි. මෙම ගමනාන්තය සඳහා තිඛෙන ඉල්ලූම වැඩිවන වනවිට අප ක්‍රියාත්මක කරන A380 ගුවන් ගමන් වලින් ආර්ථීක ප්‍රතිලාභ ලැඛෙන බවද මෙයින් පෙන්නුම් කරනවා. මේ නිසා, එම්රේට්ස් සමාගම එක් A380 ගුවන් ගමනක් කොළඹට ක්‍රියාත්මක කිරීමට සූදානම්.'

    'මෙම උත්සවයෙන් හඟවන්නේ A380 ගුවන් ගමන් සඳහා බණ්ඩාරනායක ගුවන්තොටුපොළ සූදානම් බවයි. ලොව වැඩිම A380 ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු කරන සමාගම වන එමිරේට්ස් මේ වනවිටත් වාණිජ ගුවන් ගුමන් ක්‍රියාත්මක කරනවා. සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන මේ අවස්ථාවේදී මෙය ඉතාමත් වැදගත් දෙයක්. බණ්ඩාරනායක ගුවන්තොටුපොළ A380 ගුවන් යානාවල මෙහෙයුම් කටයුතු කරන අනිකුත් ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තත්ත්වයට පත්වීම පිළිබඳව ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බර විය හැකියි.‘ යනුවෙන් Khoory මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    පසුගිය වසර 09 ක කාල සීමාව තුළදී ගුවන් මගීන්ට වඩාත්ම පහසුකම් ලබාදෙනවා යැයි අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගුවන් යානය වන්නේ එමිරේට්ස් A380  ගුවන් යානයයි. වැඩිම A380 ගුවන් යානා මෙහෙයුම් කටයුතු කරන සමාගම වන එමිරේට්ස් සතුව මේ වනවිට A380 ගුවන් යානා 96 ක් තිඛෙන අතර තවත් එවැනි ගුවන් යානා 46 ක් ඇනවුම් කර තිබේ. සම්මානනීය එමිරේට්ස් සමාගම විසින් මේ වනවිට ගමනාන්ත 48 ක් වෙත A380 ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර එය සමාගමේ ගෝලීය ජාලයෙන් තුනෙන් එකකට ආසන්න වේ. 2008 වසරේ සිට මේ දක්වා එමිරේට්ස් A380 ගුවන් යානා භාවිතා කරමින් මගීන් මිලියන 80 කට වැඩි ප්‍රමාණයක් සංචාරය කර ඇත.

    උතුරු සහ දකුණු ඇමරිකාව, යුරෝපය, ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය, මැදපෙරදිග, රුසියාව සහ ඈත පෙරදිග ගමනාන්ත වෙත ශ්‍රී ලාංකිකයින් සංචාරය කරන විට එමිරේට්ස් සමාගමේ ඩුබායි මධ්‍යස්ථානය ඔස්සේ තට්ටු දෙකේ මෙම සුපිිරි A380 යානා සමග සම්බන්ධ විය හැකිය.

    එමිරේට්ස් සමාගම 1986 වසරේ අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කරන අතර කොළඹ සිට සතියකට ගුවන් ගමන් වාර 34 ක් ක්‍රියාත්මක කරයි. මින් ගුවන් ගමන් වාර 27 ක් මාලේ සහ ඩුබායි හරහා බටහිර දෙසට ක්‍රියාත්මක කරන අතර ගුවන් ගමන් වාර 07 ක් සිංගප්පූරුව හරහා ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් දක්වා නැගෙනහිර දෙසට ක්‍රියාත්මක කරයි.