එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ස්ලිම්-නීල්සන් ඉහළම ජනතා හරසරින් පිදුම් ලබයි

    March, 20, 2018

    පසුගිය දා පැවති 12 වැනි ස්ලිම්-නීල්සන් ජනතා සම්මාන ප්‍රදානෝත්සවයේ දී, එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා නැවත වරක් ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම පාන සන්නාමය ලෙසින් ගෞරවාදරයට පාත්‍ර විය. 2006 වසරේ දී මෙම සම්මාන උළෙල හඳුන්වා දුන් දිනයේ පටන් මේ දක්වා සෑම වසරකදීම ‘වසරේ ජනතාවගේ පානය‘ කාණ්ඩය යටතේ එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා මෙම සම්මානය හිමිකර ගත් අඛණ්ඩ 12 වෙනි අවස්ථාව මෙයයි.

    මීට අමතරව මෙම සම්මාන උළෙලේ, “වසරේ තාරුණ්‍යයේ පානය“ ලෙසින් පිදුම් ලැබීමට ද එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා මෙවර සමත් වූයේ, මෙරට තරුණ ප්‍රජාව අතර එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා හිමිකර ගෙන ඇති ජනප්‍රියත්වය යළිත් වරක් පෙන්වාලමිනි.

    අනෙකුත් සම්මාන උළෙල හා සැසඳීමේ දී ස්ලිම්-නීල්සන් සම්මාන උළෙල කැපී පෙනෙන්නේ, තමන් කැමතිම සන්නාම, පුද්ගලයින්, වෙළෙඳ දැන්වීම්, චිත්‍රපට, ටෙලි නාට්‍ය ආදිය ශ්‍රේණිගත කිරීම මහජනතාවගේ වරණය අනුව සිදුවන බැවිනි. මාස 05 ක කාලපරිච්ඡේදයක් පුරාවට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වයස අවුරුදු 15 ත් 60 ත් අතර කාන්තා පුරුෂ දෙපාර්ශවයම නියෝජනය වන සේ සිදුකරනු ලබන මුහුණට මුහුණ ප්‍රමාණාත්මක සමීක්ෂණයක් මගින් මෙම තේරීම් සිදුකරනු ලබයි. එහිදී ප්‍රතිචාරකයින්ගෙන් පිළිතුරු ලබා ගනුයේ ව්‍යූහගත ප්‍රශ්නාවලියක් ඇසුරිනි. උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම මෙම සමීක්ෂණයෙන් ආවරණය වේ. නීල්සන් ආයතනයේ මනා පුහුණුවලත් සමීක්ෂකයින් විසින් මෙම සමීක්ෂණය සිදුකරනු ලබන අතර සසම්භාවී තෝරා ගැනීමේ ක්‍රමවේදයට අනුව ඔවුන් තෝරා ගත යුතු දිස්ත්‍රික්කය, වීදිය හා ගෘහ ඒකකය තීරණය කරනු ලබයි. ප්‍රතිචාරකයින් හට විවිධ කාණ්ඩ යටතේ ඔවුන් වඩාත් කැමතිම සන්නාම හා පුද්ගලයින් නම් කරන ලෙස දැනුම් දෙන අතර ලැබෙන ඉහළම නාමයෝජනාවලට අනුව ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කෙරේ.

    “වසරේ ජනතාවගේ පානය හා වසරේ තාරුණ්‍යයේ පානය යන කාණ්ඩ යටතේ එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ, අපි අපගේ පාරිභෝගික ජනතාව වෙත ගෞරවය පුද කර සිටිනවා. සියලූම ශ්‍රී ලාංකිකයින් වෙත අපගේ ස්තුතිය පුද කර සිටින අතර ලාංකේය තරුණ ප්‍රජාව හට මෙම ස්තුතිය විශේෂයෙන්ම හිමිවෙනවා. මෙම සම්මානය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම හා දීප්තිමත්ම සන්නාම සඳහා පමණක් හිමිවන්නක්. එබැවින් මෙයාකාරයෙන් අප ඇගයීමට පාත්‍ර වීම, වෙළෙඳපොළ තුළ අපගේ ස්ථානය නැවත වරක් තහවුරු කරනු ලබන අතර ජනතාවගෙන්ම ලැබූ මෙම ජයග්‍රහණය, අප ලැබූ වෙනත් සම්මානවලට වඩා වැඩි වටිනාකමක් ලබා දෙන බව කිව යුතුයි“, යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි උප සභාපති, එලිෆන්ට් හවුස් පාන වර්ග ප්‍රධානී බෙලින්ද්‍ර වීරසිංහ පැවසීය.