ඔබගේ Airtel දුරකථනයෙන් 2019 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව

    June, 14, 2019

    Airtel ශ්‍රී ලංකා සමාගම, සිය වටිනා පාරිභෝගිකයන්ට අසමසම ඩිජිටල් අත්දැකීම් ලබාදීමේ මූලාරම්භයේ එක් පියවරක් වශයෙන් ජංගම දුරකථනය ඔස්සේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදාකරදී තිබේ. Airtel, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල විකාශක ලෙස කටයුතු කරන අයි නාලිකාව සමඟ අත්වැල් බැඳගනිමින් ‘My Airtel’ app එක හරහා එම තරගාවලියේ සියලූම තරග සජීවීව විකාශනය කරනු ඇත.

    ‘ක්‍රිකට්  යනු හුදෙක්ම ක්‍රීඩාවක් පමණක් නොව, එය ආගමකි’යනු පොදු අර්ථකථනයකි. බොහෝ දෙනා ක්‍රිකට්  ක්‍රීඩාවට ආගම් හා ජාතිය නොසළකා ඇලූම් කරති.  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගයක් නැරඹීම block-buster චිත‍්‍රපටයක් එළිදැක්වීම හා සමානය. ඔබ පොදු ප‍්‍රවාහනයක ගමන් කරමින් සිටියත්, මඟ රැදී සිටියත්, කඳු තරණයක සිටියත්, කුමන ක‍්‍රියාවක නිරත වී සිටියත් මිනිත්තුවකටත් අඩු කාලයක් තුළ නොබිඳුනු සම්බන්ධතාවයකින් ක‍්‍රිකට් තරග නැරඹීමට දැන් හැකිය.

    Bharti Airtel Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමණාකාර අධ්‍යක්ෂ Jinesh Hegde මහතා මෙම සේවාව පිළිබඳ අදහස් දක්වමින් ‘අපි හොඳින්ම දන්නවා ශ්‍රී ලාංකිකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව කොපමණ වැදගත්ද කියලා. ශ්‍රී  ලාංකිකයන්ට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එකතු වෙලා ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දක්වන්න අවස්ථාවක් සැළසීම ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක් භාවිතා කරන අන්තර්ජාල සැපයුම්කරු වශයෙන් අප සතු වගකීමක්. ඒ නිසාම අපි තීරණය කළා අපගේ වටිනා පාරිභෝගිකයන් කොහේ සිටියත් ඔවුන්ගේ ඇඟිලි තුඩු අතරට ක්‍රිකට් ක්‍රීඩාව ගෙන එන්න. සෑම දෙනාටම එක් ස්පර්ශයකින් පිවිසෙන්නට හැකි මෙම සේවාව නොමිලේ ලබාදෙන්නක්’ යැයි පැවැසීය.

    ‘My Airtel’ app එක සියලූම Airtel පාරිභෝගිකයන්ට නොමිලයේ පාරිභෝගික සහාය ලබාගැනීම සඳහා ඇති යෙදුමකි. ‘My Airtel’ app එක සැම විටම වෙහෙස දරන්නේ සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් හඳුනාගනිමින් ඒ සඳහා පහසු ප‍්‍රවේශයක් සකසා දීමටයි. මෙම app එක මේ වන විට සිය පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයන්ට චිත‍්‍රපට හා සංගීතය සඳහා ගාස්තු රහිත ප‍්‍රවේශය ලබාදී තිබේ. ගිණුම් ශේෂය හා විශේෂ සේවාවලට අමතරව පාරිභෝගිකයන්ට ‘My Airtel’ app එක හරහා Airtel පාරිභෝගික සේවා කණ්ඩායමක් හා සම්බන්ධ වී ක්ෂණික විසඳුම් ලබාගැනීමට හැකි වීමද විශේෂත්වයකි. පාරිභෝගිකයන්ට www.airtel.lk වෙබ් අඩවියට පිවිස හෝ ජංගම දුරකථනයේ App store වෙත පිවිස මෙම යෙදුම බාගත කරගැනීමට හැකිය.