ඔබෙයිදානි වෙනත් තැනකට. ආයෝජන මණ්ඩලයෙන් නිවේදනයක්

    May, 10, 2023

    ශ්‍රි ලංකාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඔබෙයිදානි ඇපරල් සමාගමේ කලමනාකාරීත්වය සමඟ ආයෝජන මණ්ඩලය සමීපව කටයතු කරයි

    පසුගියදා කටාන හල්පේ ප්‍රදේශයේ පිහිටි අල් ඔබයිදානී ඇගළුම් කම්හලේ සිදු වු සිදුවිම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය තරයේ හෙලා දකිනු ඇත.  මෙම සිදුවීම සිදු වූ අවස්ථාවේ සිටම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා සහ ආයෝජන මණ්ඩලය අදාල කම්හලේ කලමනාකාරීත්වය සමග  මෙන්ම ආරක්ෂක හා නීතී අංශ සමග අවශ්‍ය සන්නිවේදන කටයුතු සිදු කරන ලදී.  මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල් වූ  වැරදිකරුවන් නීතිය ඉදිරියට  ගෙන ඒම  සදහා  අවශ්‍ය සියළුම පියවර අපගේ විෂයපථය මත උපරිම ශක්තිය යොදමින් කටයුතු කරන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය දන්වා සිටියි.  ඕමාන ජාතික ආයෝජකයාගේ මෙන්ම කර්මාන්ත පරිශ්‍රය තුල ආරක්ෂාව මෙන්ම යහ පැවැත්ම තහවුරු කිරීමට ආයෝජන මණ්ඩලය කටයුතු කර ඇත. මේ වන විට සමාගම සිය මෙහෙයුම් කටයුතු තාවකාලීකව අත්හිටුවා ඇති බවත් සදහන් කරයි.

    සමාගමේ කටයුතු සිදුකරගෙන යාම සදහා අවශ්‍ය විකල්ප ස්ථානයක් ලබාදීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කරමින් ඇති බවත් ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.

    අල් ඔබයිදානී ඇපරල් සමාගම ශ්‍රි ලංකාව තුල වසර 07කට ආසන්න කාලයක් සිය මෙහෙයුම් කටයුතු සිදුකරමින්, ශ්‍රි ලංකා සන්නාමය ලොව ප්‍රචලිත කරමින් රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒමට සහ රැකීරක්ෂා රටතුල විශාල ප්‍රමාණයක් ජනිත කරමින් රටට කල සේවය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වඩාත් අගය කරන බව තවදුරටත් සඳහන් කරන ලදී..

    ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජකයින් සහ ආයෝජන ආරක්ෂා කිරීම සදහා  පහසුකම් සපයන නියෝජිතායතනය ලෙස සැමවිටම සියලුම ආයෝජකයින්  වෙනුවෙන් පෙනි සිටින අතර  එය ඉදිරියටත් සිදුකිරීමට කටයුතු කරනු ඇත.

    - මෙය ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.