ඔබේ ගමන් බිමන් සඳහා සුවපහසු, කාර්යක්‍ෂම, විශ්වසනීය සේවයක් Taxi.lk

    November, 30, 2017

    නාගරික, අර්ධනාගරික මෙන්ම ගම්බද ප‍්‍රදේශවල ද වර්තමානය වන විට ප‍්‍රවාහනය මූලික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. පොදු ප‍්‍රවාහන සේවාවන්ගේ පවතින නොයෙකුත් අඩුලූහුඩුතා මෙන්ම වඩාත් සුවපහසු, කාර්යක්‍ෂම හා විශ්වසනීය ගමන් අවශ්‍යතා නිසා කුලී රථ සේවාවන් මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ඉතා ජනප‍්‍රිය ප‍්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව ඇත. එහෙත් නිශ්චිත ගාස්තු ක‍්‍රමවේදයක් නොමැති වීම, විධිමත් වෘත්තීමය හා ප‍්‍රමිතිගත සේවාවක් නොමැති වීම වැනි ගැටලූ නිසා සාම්ප‍්‍රදායික කුලී රථ සේවය කෙරෙහි ද පාරිභෝගිකයන් තුළ ඇති විශ්වාසය ක‍්‍රමයෙන් අඩු වී ඇති බවක් දක්නට ලැබේ.

    තාක්‍ෂණයේ දියුණුවත් සමග එදිනෙදා ජීවිතයේ සියලූ අවශ්‍යතා ජංගම දුරකථනය ඔස්සේ සිදුකරගැනීමේ හැකියාව දැන් උදාවී තිබේ. වර්තමානය වන විට ඉහළ තරගකාරීත්වයක් ඇති ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයක් වන කුලී රථ සේවාව තුළට ද මෙම තාක්‍ෂණික මුහුණුවර දැන් ලැබී තිබේ. ඒ අනුව තමන් සිටින තැනටම අවශ්‍ය වාහනයක් මිනිත්තු ගණනක් තුළ දී ගෙන්වා ගැනීමට පාරිභෝගිකයාට මෙම`ගින් පහසුව සැලසේ. ස්ථාවර ගාස්තු ක‍්‍රමවේදයක් තිබීම, විශ්වසනීයත්වය, සුරක්‍ෂිත බව, වෘත්තීමය සේවාවක් ලබා ගැනීමේ හැකියාව, රථයේ ගමන් මාර්ගය හඳුනාගත හැකි වීම, කෙටිම හා පහසුම ගමන් මාර්ගය හඳුනාගත හැකි වීම වැනි වාසි රැසක් හිමි වීම නිසා මොබයිල් ඇප් හරහා කුලී රථ සේවාවන් ලබා ලබා ගැනීම අගනුවර සහ තදාසන්න ප‍්‍රදේශවල වඩාත් ජනප‍්‍රිය වී තිබේ. එහෙත් පිට පළාත් සඳහා මෙවැනි පහසුකමක් නොමැති වීම මෙම ක්‍ෂේත‍්‍රයේ දැනට පවතින මූලික ගැටලූවක් වශයෙන් හඳුනාගත හැක. මෙම ගැටලූව නිවැරදිව හඳුනාගනිමින් දීපව්‍යාප්තව විහිදුනු වඩාත් විශ්වසනීය හා කාර්යක්‍ෂම ටැක්සි සේවාවක් ලබා දීමේ අරමුණින් Taxi.lk Global (Pvt) Ltd. ආයතනය දියත් කළ Taxi.lk නවතම කුලී රථ සේවාවේ අභිමානවත් සමාරම්භය අද දින මෙසේ සනිටුහන් කරන්නට අපට හැකි වූ බව සාඩම්බරයෙන් යුතුව සඳහන් කළ හැකිය.

    මෙම සේවාව ලබා ගැනීම සඳහා මූලික අවශ්‍යතාව වන්නේ අන්තර්ජාල සම්බන්ධතාව සහිත ස්මාර්ට් ජංගම දුරකථනයක් පමණකි. Google Play Store හෝ Apple Store හරහා Taxi.lk යෙදවුම ජංගම දුරකථනයට බාගත කරගැනීමෙන් පසු පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව ගැළපෙන වාහනය තමන්ටම තෝරා ගැනීමේ අවස්ථාව මේ හරහා ඔහුට හිමිවේ. එපමණක් ද නොව අවශ්‍ය නම් ගමනාන්තය සටහන් කිරීමේ ද හැකියාව ද ඇත. තෝරාගත් වාහනය එම අවස්ථාවේ පිහිටි ස්ථානය සහ එය තමන් සිටින ස්ථානය වෙත පැමිණෙන ගමන් මාර්ගය ද ඔහුට සිතියම හරහා නිරීක්‍ෂණය කළ හැකි වේ.

    එමෙන්ම ගමනාන්තයට යාමට ඇති කෙටිම හා පහසුම මාර්ගය ද පාරිභෝගිකයාටම මෙමගින් නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව තමන් නොදන්නා ප‍්‍රදේශයකදී වුවද කෙටි මාර්ග පහසුවෙන් හඳුනාගෙන ඒ ඔස්සේ ගමනාන්තය කරා ළගා වීමට හැකියාව ඇත.

    උසස් මට්ටමේ වෘත්තීයමය සේවාවක් හා පාරිභෝගික සත්කාරයක් අත්විඳින්නට Taxi.lk තුළින් පාරිභෝගික ප‍්‍රජාවට අවස්ථාව සැලසීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. වෘත්තීමය පිළිගැනීමකින් තොර රැුකියාවක් ලෙස සමාජගත වී ඇති කුලී රථ රියදුරු රැුකියාව ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තියක් බවට පත් කිරීමේ මෙහෙවර ද Taxi.lk හරහා ඉටුවන බව කිව හැකිය.

    ස්ථාවර ගාස්තු ක‍්‍රමවේදයක් පැවතීම නිසා ගාස්තුව හැම විටම නිශ්චිත එකක් වීම Taxi.lk වෙතින් පාරිභෝගිකයාට ලැබෙන සුවිශේෂීම සහනයයි. සාමාන්‍ය කුලී රථ හෝ මීටර් ටැක්සි වැනි ක‍්‍රමවලට වඩා මෙම`ගින් පාරිභෝගිකයාට වඩාත් විශ්වසනීය ගනුදෙනුවක් සඳහා ඉඩකඩ සැලසේ.

    මීට අමතරව Taxi.lk රියදුරන් වෙනුවෙන් සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට ද කටයුතු කර ඇත. ඒ යටතේ රුපියල් මිලියනයක ජීවිත රක්‍ෂණාවරණයක් නොමිලේ ලබා දීම, ණය සහ ලීසිං පහසුකම් සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමද ඇතුළත් වේ.

    මෙවැනි සේවාවක් දීප ව්‍යාප්ත වශයෙන් සපයන ශ‍්‍රී ලංකාවේ පළමු හා එකම සේවාව වන්නේ ද Taxi.lk බව මෙහිලා සාඩම්බරයෙන් යුතුව සිහිපත් කළ හැකිය. ඒ අනුව Taxi.lk සමාරම්භක අවස්ථාව 2017.11.29 දින කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වූ අතර Taxi.lk රටවටා යන ගමනේ පළමු පියවර 2017 නොවැම්බර් මස 30 දින ඓතිහාසික ඇතුගල් පුරවරයෙන් ආරම්භ වීමට නියමිතව තිබිණි.

    එමෙන්ම එදින සවස කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණයේ දී ඔ්ංසගකන කලර්ස් නයිට් නමින් සංගීත ප‍්‍රසංගයක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ. සීදුව සකුරා සංගීතයෙන් හැඩවන මෙම සංගීත ප‍්‍රසංගය සඳහා දිවයිනේ ජනප‍්‍රියතම ගී තරු රැසක් එක් වීමට ද නියමිතය.

    ඔබේ යන එන ගමන් බිමන් ඇඟිලි තුඩක දුරකට සමීප කරන Taxi.lk තෝරා ගන්නා ඔබට විශ්වසනීය කාර්යක්‍ෂම සේවාවක් සපයන්නට අපි නිරන්තරයෙන් සැදී පැහැදි සිටින්නෙමු.