ඔබේ ජීවිතය තවත් රසවත් කරමින් නිවසට අසිරිය කැන්දන සුවිශේෂී Samsung TV නවතම තාක්ෂණයෙන් ඔබ වෙතට

    April, 26, 2022

    2017 වසරේදී රූපවාහිනී වංශකතාවේ නවමු පරිච්ෙඡ්දයක් සනිටුහන් කළ සැම්සුන් නවතම තාක්ෂණයෙන් සුසැදි රූපවාහිනී පෙළක් සමඟින් ආකර්ෂණීය රූප රාමු සිය පාරිභෝගිකයා වෙත ගෙන ඒමට කටයුතු කරනු ලැබීය. ඒ Quantum Dot තාක්ෂණයෙන් සපිරි රූපවාහිනී QLED TV මාදිලි පෙල දියත් කරමිනි. එතැන් සිට කලින් කල නව්‍යකරණය වෙමින් විශිෂ්ට රූපවාහිනී පෙලක් පාරිභෝගිකයා වෙත ගෙන එන්නට සැම්සුන් සමත්ව ඇත.

    ඕනෑම තරාතිරමක පාරිභෝගික දිවි පෙවෙතකට මෙන්ම  ඕනෑම නිවසකට මනාව ගැලපෙන අලංකාර නිමාවත් සමඟින් හඳුන්වා දී ඇති සැම්සුන් QLED TV සතු ආකර්ෂණීය බව හා සරල බව ඔබේ නිවසේ සුන්දරත්වය තව තවත් ඉහළ නංවමින් නිවසට අසමසම වටිනාකමක්ද එක් කරනු නිසැකය.

    සැබෑ වර්ණවත් තිරයක් සමඟින් සුපැහැදිලි රූප රාමු නරඹන්නන්ගේ දෑස් අභියසට ගෙන එනු ලබන සැම්සුන් QLED TV වසරින් වසර පාරිභෝගික අවශ්‍යතා සමඟ අලූත් වෙමින් ඇත්තේ ආලින්දයට සිනමා රසාස්වාදයක අත්දැකීමක් එක් කරමිනි. නවතම quantum dots තාක්ෂණයෙන් යුත් එය කල්පවත්නා, තිරසාර, සුවපහසුබවක් මෙන්ම විශිෂ්ට වර්ණ හා දීප්තියක්ද එක් කරන්නේ නිතැතිනි.

    මෙහි ඇති සුවිශේෂී තාක්ෂණය නිසාම විදුලිය පිරිමැසීම මෙන්ම දීප්තිය පාලනයද ඉතා ඉහළ බැවින් කිසිඳු අපහසුතාවයකින් තොරව දීර්ඝ වේලාවක් රූපවාහිනී නැරඹීමේ හැකියාව ඔබට ලබා දෙන QLED TV දිගු කාලයක් සුරැකිව ඔබගේ නිවසේ අසිරිය සුරක්ෂිත කරනු නොඅනුමානය.

    දැන් සැම්සුන් QLED TV හි ඒ විශ්මිත තාක්ෂණය හා නිමාව පිළිබඳ සොයා බලමු.

    2017 වසරේදී පළමු වරට හඳුන්වාදෙනු ලැබූ QLED TV රූපවාහිනී මාදිලිය 100%ක් පරිපූර්ණ වර්ණ පරිමාවක් සමඟ හඳුන්වාදුන් පළමු රූපවාහිනී මාදිලි පෙල ලෙසද සඳහන් කළ හැකිය. හඳුන්වා දෙන විට එහි ඉහළ තත්වයේ නිමාවක් සහ සුවිශේෂී bezel-less තිරයක් සමඟ Gap Wall රාමුවක්ද නොතිබිණ.

    එහෙත් 2018 වසරේදී නව QLED TV පෙළක් හඳුන්වා දීමට සැම්සුන් කටයුතු කරන ලද්දේ නිවසට අලංකාරය එක්කරන අත්‍යාවශ්‍ය සාධකයක් වූ නවතම Ambient Mode සමඟිනි. එසේම එය මනා දීප්තියක් හා සුපැදිලි බවක් සඳහා වන HDR10+  මගින් බල ගැන්වෙන Q HDR Elite තාක්ෂණයෙන්ද සන්නද්ධ වීම විශේෂත්වයකි.

    ඉන් නොනැවතුණු සැම්සුන් 2019 වසරේදී QLED TV මාදිලිය නව මාවතකට ගෙන එමින් AI 8K තාක්ෂණය සමඟ සියලූ අන්තර්ගතයන් 8K බවට පරිවර්තනය කිරීමට සමත් විය. iTunes චිත‍්‍රපට හා රූපවාහිනී වැඩසටහන් මෙන්ම Apple AirPlay2 ශක්තියෙන් තව තවත් ඉහළ අත්දැකීමක් පරිශීලකයන් වෙත ලබා දීම මීට හැකි විය.

    2020 වසරේදී සැම්සුන් විසින් Infinity Screen හඳුන්වා දුන් අතර එය පරිශීලකයන්ට ගැඹුරු ආශ්වාදයක් එක් කිරීමට හේතු විය. මනා ශ‍්‍රවණ අත්දැකීමක් සඳහා වන Object Tracking Sound Plus හා Active Voice Amplifier සහිත Q-symphony තාක්ෂණයද ඊට එක් කළේ අසමසම ආකර්ෂණයකි.

    2021 වසරේදී Neo Quantum ප්‍රොසෙසරය සමඟින් සුපැහැදිලි පෙනුමක් ලබා දෙන හැකියාවන් රැසකින් සමන්විත AI තාක්ෂණය සහිත Neo QLED TV හඳුන්වා දෙමින් පරිශීලකයන්ගේ රුපවාහිනී නැරඹීමේ අත්දැකීම් නව්‍යත්වයට ඔසවා තැබීමට සැම්සුන් කටයුතු කරන ලදී. විශේෂයෙන් Motion Xcelerator Turbo+ විශේෂාංගය තුළින් වඩා පුළුල් සුපැහැදිලි තිරයක් නරඹන්නා වෙතට ගෙන එන එය ඔබේ ආලින්දයටද ආකර්ෂණීය පෙනුමක් එක් කරනු ඇත්තේ ප‍්‍රථම වතාවට හඳුන්වාදෙන පරිපූර්ණ SpaceFit Sound විශේෂාංගයද සමඟිනි.

    මිලදී ගත හැකි ස්ථාන,

    සැම්සුන් QLED රූපවාහිනී මාදිලි පෙළ සැම්සුන් බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung EStore වෙතින් දැන් මිලදී ගත හැකියි. තෝරාගත් QLED රූපවාහිනී සමඟ Samsung sound bar නොමිලේ ලබා ගැනීමටද ඔබට හැකියාව ඇත.