December, 19, 2019
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා හෙට (20) දිනයේ දී සිය ධූරයෙන් සමුගැනීමට නියමිතය.
අද (19) දිනයේ දී ඔහු මහ බැංකුවේ සියලූම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ආමන්ත්‍රණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන අශෝක හඳගම මහතා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසන්නේ වසර 30 ක සිය වෘත්තීය ජීවිතය තුළ, පළමු වරට මහ බැංකු අධිපතිවරයෙකු සිය සේවයෙන් ඉවත්ව යන විට සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් අමතනු ලැබූ බවයි.
සිය සටහනෙහි හඳගම මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.
“ඔහු මිනිසුන් සමඟ සම්බන්ධ වීමෙන් සෑම කෙනෙකුටම වැදගත් පාඩමක් ඉගැන්වීය. ‘ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න’. ඔහු හෙට බැංකුවෙන් පිටව යන්නේ සෑම දෙනාගේම ආදරය වැලඳ ගනිමිනි.“
හඳගම මහතාගේ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.
Video Story