ඔස්ටේ‍්‍රලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය සමගින් එක්ව IIHS ක‍්‍රීඩා විද්‍යා අංශයෙන් වෘත්තීය මංපෙත් හෙළි කරයි

    December, 13, 2018

    ක්ෂේත‍්‍රයේ 16 වසරක අත්දැකීම් ඇතිව ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ආයතනයක් වශයෙන් වැජඹෙන IIHS මෑතකදී 2019 වර්ෂය සඳහා භෞතචිකිත්සක උසස් ඩිප්ලෝමාව හඳුන්වාදෙන ලදී. 2019  ජනවාරි 31 වැනි දින දක්වා මෙම වැඩසටහන සඳහා අයදුම්පත් භාරගනු ඇත.

    IIHS හි මෙම භෞතචිකිත්සක උසස් ඩිප්ලෝමාව ඔස්ටේ‍්‍රලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වෙත ප‍්‍රවේශවීමට ජාත්‍යන්තර අධ්‍යයන හා වෘත්තීය මංපෙත් හෙළි කරදෙන්නාවූ තෙවර්ෂ වැඩසටහනක් වීම මෙහිදී විශේෂයෙන් අවධානයට ගතයුතු කරුණකි.

    මෙම ක‍්‍රියාවලිය තවදුරටත් වේගවත් කරමින් හෙද සහ ජීව-වෛද්‍ය විද්‍යා ශිෂ්‍යයින් සඳහා ඩීකින් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට මංපෙත් විවරකර දීමට IIHS විසින් කටයුතු කර ඇත. IIHS හි මෙම උසස් ඩිප්ලෝමාව සම්පූර්ණ කරන සිසුන්ට පහසුවෙන්ම ඞීකින් විශ්වවිද්‍යාලයේ ඒහා සම්බන්ධයෙන් වන උපාධියකට යොමුවීමට හැකියාව තිබේ.

    ඩීකින් විශ්වවිද්‍යාලයේ මෙම මාර්ගය තෝරාගන්නා සිසුන්ට මෙල්බර්න්, බර්වුඞ් සහ ගීලෝන් හි ඇති විශ්වවිද්‍යාල භූමි අතරින් එකක ලෝකයේ ඉහළම මට්ටමේ පහසුකම් ලබමින් අධ්‍යාපනය ලැබීමට පෙර නොවූ විරූ අන්දමේ සුවිශේෂී අවස්ථාවක් උදා වේ. ජාත්‍යන්තර සිසුන්ට සහය ලබාදීමට ඩීකින් විශ්වවිද්‍යාලයෙන් විශේෂයෙන් පත් කර ඇති උපකාරක කාර්යමණ්ඩලයේ සේවාවන් ද ලබමින් මෙම විශ්වවිද්‍යාලවල ඇති ශිෂ්‍ය නවාතැන් පහසුකම් ඇතුළු සියළු පහසුකම් භුක්තිවිඳීම ඊට ඇතුළත් වේ.

    තෙවසරක් අධ්‍යාපනය ලබා IIHS හි භෞතචිකිත්සකවේදී උසස් ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ශිෂ්‍යයින්ට ඞීකින් විශ්වවිද්‍යාලයේ පහත දැක්වෙන උපාධි පාඨමාලා අතරින් එකක් තෝරාගෙන තම වෘත්තීය මාර්ගයේ ගමන වේගවත් කරගැනීමට හැකිය. ඒවා නම් Bachelor of Exercise and Sports Science, Bachelors of Exercise and Sport Science, Bachelor of Business (Sport Management), Bachelor of Exercise and Sport Science සහ Bachelor of Nutrition Science යන උපාධි පාඨමාලා වේ.

    ඩීකින් විශ්වවිද්‍යාලයේ ව්‍යායාම හා පෝෂණ විද්‍යා පාසල ලෝක ශ්‍රේණිගත කිරීම තුළ 3වන ස්ථානය ලබාගැනීමට සමත්වී තිබේ. මෙය එම පාසලේ ඉගැන්වීම් සහ පර්යේෂණ මධ්‍යස්ථාන කොතරම් ඉහළ මට්ටමක ඇත්තේදැයි යන්නට සාක්ෂි දරයි. එපමණක් නොව ඩීකින් විශ්වවිද්‍යාලය පසුගිය වර්ෂ අට මුළුල්ලේ අඛණ්ඩව ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ ශිෂ්‍ය තෘප්තිමත්භාවය අතින් අංක 1 ස්ථානයට පත්වී තිබේ.

    ‘ක‍්‍රීඩා සම්බන්ධ අධ්‍යයන අංශයෙන් එම කර්මාන්තයේ විශිෂ්ටත්වයට පත්වීමට අදහස් කරගෙන සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම වැඩසටහන විශේෂයෙන් නිර්මාණය කර තිබෙනවා. ලෝකය මුළුල්ලේ මෙම ක්ෂේත‍්‍රයේ බොහෝ රැකියා අවස්ථාව ඇති හෙයින් ඉතාමත් ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය මාර්ගයකට අවතීර්ණවීමට මෙම වැඩසටහන හරහා දොරටු විවෘත වනවා. ලෝකයේ ක‍්‍රීඩා සහ පෝෂණ වෙළඳපල ඇමරිකානු ඩොලර් බිලියන 40 ඉක්මවනවා. දැනට මෙම ක්ෂේත‍්‍රයේ වර්ධන අනුපාතය සියයට 10ක් වනවා. තවද, මෙම වැඩසටහන යටතේ ඉගෙනුම ලබන සිසුන්ට භෞතචිකිත්සකවේදය පිළිබඳ දැනුම ද ලැබෙන හෙයින් එය ඔවුන්ට අමතර වාසියක් වනවා.’ යනුවෙන් IIHS හි ප‍්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යයන අංශ අධ්‍යක්ෂ ආචාර්ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

    මෙම වැඩසටහන පිළිබඳ සහ IIHS හි අනෙකුත් උපාධි පාඨමාලා සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා 0114651144/0766568353 දුරකථන අංක හෝ nadeeka@iihsciences.edu.lk ඊමේල් ලිපිනය හරහා නදීකා සමගින් සම්බන්ධ විය හැකිය.