“ඕන නීතියක් ගේන්නම්. ඩොලර් ලංකාවට ගේන්න“ – මුදල් ඇමති, අපනයන කරුවන්ගෙන් ඉල්ලයි

    June, 18, 2015

    පිටරට තිබෙන තම ඩොලර් ලංකාවට රැගෙනවිත් ලංකාවේ ආයෝජනය කරන ලෙස මෙරට අපනයනකරුවන්ගෙන් ඉතාමත් ඉවසීමෙන් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    ඒ සඳහා අවශ්‍ය ඕනෑම නීතියක් ගෙන ඒමට රජය සූදානම් බවත් පිටරට වලදී සියයට 01 කටත් වඩා අඩු පොලී අනුපාතයක් ලබද්දී එම ඩොලර් ලංකාවට රැගෙන එන්නේ නම් සියයට 4.5 ත් 6.00 අතර පොලී අනුපාතයක් ලබාගත හැකිවනු ඇතැයි මුදල් අමාත්‍යරයා කීය.

    ‍ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙසේයි.

    “හැබැයි මතක තියා ගන්න අපි ආණ්ඩුවක් ලෙස ඉවසීමෙන් මේ ඉල්ලීම කරන්නෙ. මේක හිතූමතේ පිටරට තිබෙනවා නම් අපිට අහන්න දෙන්න එපා ඇයි මේක පිටරට තියෙන්න කියල.“

    වසර තුනකින් හෝ එයට වඩා වැඩි කාලයකින් කල් පිරෙන ලෙස පාවෙන හෝ ස්ථාවර පොලී අනුපාතයකට ඩොලර් මිලියන 500 ක් දක්වා ණය මුදලක් ලබාගැනීම සඳහා රජය විසින් ආයෝජන බැංකු වලින් මේ වනවිට යෝජනා කැඳවා තිබේ.