June, 15, 2017
ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ දී අය කරන ගාස්තු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වසර 08 කට පසු ඊයේ (14) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ අනුව අදාල ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්සන් තබා ඇත.
ලියාපදිංචි කිරීමෙි ගාස්තු මිීට පෙර සංශෝධනය කර ඇත්තේ 2009 වසරේ දීය. ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමෙි අරමුණින් ලියාපදිංචි කිරීමෙි ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමෙි ඉල්ලුම් පත්‍රය ලැබීමෙන් පසු එය ලියාපදිංචි කිරීමෙි සහතිකය නිකුත් කරන තුරු අය කරන ගාස්තු මෙහිදී සංශෝධනය කර ඇති අතර, බාහිර පාර්ශ්ව වලින් විශේෂඥ දැනුම ලබාගැනිමෙි දී ගෙවීමට සිදුවන වියදම් ද ඊට ඇතුලත් කර ඇත. ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදන දේශිය සහ විදේශීය සමාගම් අදාල ගාස්තු ඇමරිකානු ඩොලර් වලින් හෝ ඊට අනුරූප ශ්‍රී ලංකා මුදල් වලින් ගෙවිය යුතු වෙයි.
අදාළ ගාස්තු සංශෝධනය පිළිබදව 0112695173 යන දුරකථන අංකය ඔස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අමතා තොරතුරු ලබාගත හැකිය. මෙම ගැසට් පත්‍රය ද මෙි සමග යොමු කර ඇත.

Video Story