කජු වවන්න රජයේ ඉඩම් අක්කර 9,600 ක් කජු සංස්ථාවට

    October, 31, 2019

    මෙරට තුළ කජු වගාව සඳහා විශාල විභවයක් පැවතීම සැලකිල්ලට ගෙන, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 479කින් යුත් පූනරීන් වතුයාය, මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 6,498කින් යුත් කොණ්ඩච්චි වතුයාය හා අක්කර 500කින් යුත් වෙල්ලම්කුලම් වතුයාය, මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 1,075කින් යුත් මාන්කර්නි වතුයාය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අක්කර 681කින් යුත් තිරියාය වතුයාය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 441කින් යුත් එළුවන්කුළම මාටින් ඉපිල් ඉපිල් ගොවිපොල පිහිටි ඉඩම යන රජයේ ඉඩම් කජු වගා කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ශ්‍රී ලංකා කජු සංස්ථාව වෙත පවරා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.