කටාර් ගෑස් ලංකාවට

    August, 1, 2016

    කටාර් සිට ස්වභාවික ද්‍රැවීය ගෑස් ආනයනය කෙරෙහි අවධානය යොමුව ඇති බව කටාර් හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්.එම්. කරුණාදාස මහතා පැවසීය. ගල්ෆ් ටයිම්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිවරයා මේ බව කියා සිටියේය.

    “මෙම වසර අග භාගයේ දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් හි සංචාරය කිරීමට සැලසුම් කර සිටිනවා. එහිදී විශේෂයෙන්ම බලශක්ති අංශයට අදාළ වන ගිවිසුමක් අත්සන් තැබීම සඳහා මුල පිරීමට මා අදහස් කර සිටිනවා“, යනුවෙන් කරුණාදාස මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    මෙය දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා වඩාත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වනු ඇති බවත්, බොහෝ දුරට ශ්‍රී ලංකාව විසින් කටාර් දේශයෙන් ස්වභාවික ගෑස් ආනයනය කරනු ලබන පළමු අවස්ථාව මෙය විය හැකි බවත් කටාර් හි ශ්‍රී ලංකා තානාපති මහාාචර්ය ඩබ්.එම්. කරුණාදාස මහතා මෙහිදී පැවසීය.