කටුනායකට එන ගුවන් මගීන්ට සහ අමුත්තන්ට වැදගත් නිවේදනයක්

    August, 18, 2025

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) කාර්යබහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීම සහ තදබදය කළමනාකරණය කිරීම වෙනුවෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම  විසින් ගුවන් මගීන්ට සහ අමුත්තන් දැනුවත් කිරීම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

    එම නිවේදනයේ දැක්වෙන්නේ බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 22:00 පැයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම නවතා ඇති බවයි.

    තව ද සියලුම ගුවන් මගීන් සහ ගුවන්තොටුපළ භාවිත කරන්නන්ගේ පහසුව සඳහා මෙම පියවර ක්‍රියාත්මක කරන බවත්, මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

    Video Story

    Stock Market

    Exchange Rates