කටුනායක ගුවන්තොටුපළේ නව Check-in කවුන්ටර 14 ක් ඇරඹෙයි

    November, 12, 2025

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අත්හදා බැලීමේ පදනමක් මත හඳුන්වා දුන් නව චෙක්-ඉන් කවුන්ටර 14 ක් පසුගිය දා (10) ආරම්භ විය.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මාසයක් ඇතුළත මෙම ඉදිකිරීම සිදු කළ බවයි.

    ශීත සෘතුවේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කරන මගීන්‌ගේ පහසුව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ශ්‍රී ලංකාවේ සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීමේ සැලකිය යුතු ඉදිරි පියවරක් වන මෙය මගී ඉල්ලුම මත වැඩි කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය බලාපොරොත්තුවෙන් සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates