May, 30, 2022
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් විසින් වාර්ෂික ප්‍රකාශයට පත්කරනු ලබන වාර්ෂික වාර්තා මුද්‍රිත පිටපත් ආකාරයෙන් එළිදැක්වීම අනිවාර්යය අංගයයකි.
කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසින් රට පුරා කඩදාසි, තීන්ත ඇතුළු මුද්‍රණ කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල දැඩි හිඟයක් නිර්මාණය වී ඇත.
පවතින තත්ත්වය තුළ තමන් හට වාර්ෂික වාර්තා මුද්‍රිත පිටපත් නිකුත් කිරීමේ නොහැකියාවක් මතුව ඇති බව සමාගම් රැසක් විසින් දන්වා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.
එබැවින් සියලු ලැයිස්තුගත සමාගම් දැනට සිදුකරගෙන යන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියෙහි සහ අදාළ සමාගම්වල නිල වෙබ් අඩවිවල සිය වාර්ෂික වාර්තා පළ කර තිබීම අනිවාර්යය වී ඇත.
තවද කිසියම් සමාගමකට වාර්ෂික වාර්තා මුද්‍රණය කිරීමට යම් නොහැකියාවක් ඇත්නම් ඊට හේතු දක්වමින් ඒ පිළිබඳ නිවේදනයක් කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියෙහි සහ ජාතික පුවත්පතක ප්‍රසිද්ධ කළ යුතුවේ. එසේම එය වාර්ෂික මහ සභා රැස්වීමේ දී සමාගමේ කොටස්කරුවන් වෙත ද දැනුම් දිය යුතුය.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ වාර්ෂික වාර්තාවෙහි අඩංගු තොරතුරු සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීම සඳහා වෙනම පුද්ගලයෙකු වෙන්කර ඇති තැබීමට අදාළ සමාගම් විසින් පියවර ගත යුතු බවයි.


Video Story