කබ්රාල් සංචිත විනාශ කළා – හර්ෂ ද සිල්වා

    April, 12, 2022

    මහ බැංකුව රුපියල පාවෙන්නට හැරීමේ දී ඩොලරයේ රඳවා තබා ගැනීමට හැකියාවක් නොතිබුණි නම් රු. 230ක අපේක්ෂිත අගයයක ප්‍රකාශ කිරීම නිශ්ඵල ක්‍රියාවක් වූ  බවත්, තම දැනුම පරිදි ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු මෙවැනි අමනෝඥ ක්‍රියාවක් කර නොමැති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඩොලරය රු 203 ස්ථාවරව තබා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා මේ අදහස් දැක්වීය. මෙහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ ඩොලරයේ අගය රඳවා තබා ගැනීම සඳහා ඔහු සංචිත විනාශයට පත් කළ බවයි.

    ලෝකේ මම දන්න විදිහට කිසිම රටක කිසිම මහ බැංකු අධිපති කෙනෙක් මේ වගේ අමනෝඥ වැඩක් කරලා නැහැ. නන්නදලාල් වීරසිංහ අධිපතිතුමා මොකක්ද කිව්වේ, ඔයගොල්ලෝ දැම්ම ප්‍රෙස් එකේ මොකක්ද එයා කිව්වේ, එයා කිව්වේ මේ සම්පූර්ණ වැරදි කළමනාකරණයක් කියලා. එතකොට ඒක අල්ලන් ඉඳලා, අල්ලන් ඉඳලා, අල්ලන් ඉඳලා ඔක්කොම තිබිච්ච සංචිත ටික විනාශ කරලා අන්තිමට එකපාරට මේත අතැරලා දැම්මා. එහෙම කරන්න බැහැ.

    ඩබ්. ඒ. විජේවර්ධන හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කිව්වා සරුංගලයක් අරිනවා නම් ඒක ගහක හරි බැඳලා තියන්න ඕන ඒ ලණුව. අල්ල ගන්න ඕන මේක. එහෙම නැතුව මේක යන්න බැහැ. නන්දලාල් මොකක් ද කිව්වේ, බ්‍රේක් නැතුව පල්ලමට එනවා කිව්වා මේ වාහන. ඉතින් කොහෙ ද යන්නේ පල්ලමට ගිහින් කුඩු පට්ටම් වෙනවනේ. බ්‍රේක් නැතුව පල්ලමට දානව ද කාර් එක.

    එතකොට දැන් මෙහෙමනේ මම මහ ලොකුවට මේක විග්‍රහ කරන්නේ නැතුව සරලව කියන්නම්කෝ. මේක කරන ක්‍රමයක් තියනවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලම මේක under Pressure නේ තියෙන්නේ. මොකද කවුරුත් දන්නවා මේ 200 කියන්නේ දේශපාලන බොරු ගාණක්. ඉතින් ඒ නිසා 200ට පටන් ගත්ත කලු කඩේ 210, 220, 230, 240, දැන් කීය ද 385යි 400 ටත් ගත්ත කට්ටිය මේ දවස් වල ඉන්නවා. එතකොට මේ Pressure එක build වෙන්න build වෙන්න මාර්කට් එක හිතනවා, ඔන්න දැන් රුපියල හෙට වැටෙයි හෙට වැටෙයි කියලා. එතකොට ඒ මිනිස්සු මොකද කරන්නේ, වැටෙනකම් 200ට මාරු කරන්න සූදානම් නැහැ. 250ට 260ට ගන්න පුලුවන්. ඒගොල්ලන්ගේ ඩොලර් විකුණන්න පුළුවන්.

    එතකොට දැන් අපි මේක පාවෙන්න අරිනවා නම් අපිට පුළුවන් වෙන්න ඕන වෙළඳපොලට මතයක් අරින්න මහ බැංකුවට ශක්තිය තියනවා මේක 230ට අල්ල ගන්න. 230 කියලනේ කිව්වේ, මහ බැංකුව කිව්වා මේක 200න් අපි අතරිනවා 230 තමයි ගාණ කියලා. අපේක්ෂිත ගාණ 230. මොනවට ද 230 කියලා කිව්වේ 230ට අල්ල ගන්න බැරිනම්, 230ට අල්ල ගන්න බැරිනම් ඇයි මේක අතැරියේ, 230ට අල්ල ගන්න පුළුවන් වෙනකම් සතියක් හෝ 2ක් හෝ 3ක් හෝ ඒ අවශ්‍ය වැඩපිළිවෙල හදා ගන්නේ නැතුව. ඕනෑම කෙනෙක් දන්නවා මේ පොලී අනුපාතිය සෘණ නේ, උද්දමනය 17.5% යි.