March, 21, 2022
විදුලිය විසන්ධි කළ අවස්ථාවන් හිදී මුහුණ පෑමට සිදුවන තත්ත්වය මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් හැටියට තමන්ට ද අමාරු තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. අද (21) පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.
රටේ ආර්ථික වශයෙන් අපහසුතාවයක් තිබෙන බව පක්ෂයක් හැටියට, ආණ්ඩුවක් හැටියට අපි පිළිඅරන් තියෙනවා. ඒක කාටවත් හංගන්න ඕනෙත් නැහැ, බොරු කියන්න ඕනෙත් නැහැ. මේ රටේ ජනතාවත් ඒක තෙරුම් අරන් තියෙනවා. නමුත් ඒකට යොදන්න පුළුවන් උපරිම පියවර අපි රජයක් හැටියට අරගනිමින් පවතිනවා.
මූලික වශයෙන් කියන්න ඕනේ, ඇයි මෙවැනි දෙයක් ඇතිවුණේ කියලා. මොකද මේක මේ අපේ රජය විසින්ම ඇති කරපු ප්‍රශ්නයක් කියලා කවුරු හරි කියන්න හදනවා නම්, මම හිතන්නේ, ජනතාව නොමඟ යැවීමක් ඒ පුද්ගලයා කරන්නේ. මොකද මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ තිබිච්ච වැරදි ආනයන අපනයන ප්‍රතිපත්තිය, එ් වගේම කොවිඩ් තත්ත්වය මත ඇතිවෙච්ච සුවිශේෂී තත්ත්වය, අපේ රටට ලැබෙන්න ඕන විදේශ විනිමය ආදායම සංචාරක ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන් නැතිවෙලා ගියා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාල අඩුවීමක් වුණා.
ඒ සියලු තත්ත්වයන් යටතේ අපේ රටේ තිබිච්ච විදේශ විනිමය ප්‍රමාණය, අපිට රටයක් හැටියට අපිට වියදම් කරන්න වුණා, මේ රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා, එන්නත්කරණය ආදී ක්‍රියාවන් සඳහා. මේ සියලු ක්‍රියාවන් සමූහයක ප්‍රතිඵලයක් හැටියට අද අපේ රට යම්කිසි විදේශ විනිමය අර්බුදයක ඉන්නවා.
නමුත් මහජනතාවට කියන්නේ මේ රටේ සියලු දෙනාට අමාරුයි. අපිටත් අමාරුයි. මන්ත්‍රීවරු හැටියට, ඇමතිවරු හැටියට ඒ හැමදෙනාටම ඒ අමාරුව තියෙනවා. මොකද ගෙදර විදුලිය විසන්ධි කළාම ඒ අමාරුව අපිටත් දැනෙනවා. අපිටත් ඒ පැය කිහිපය අමාරුවෙන් ජීවත් වෙන්න වෙනවා. මේක පොදු තත්ත්වයක්, මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය මත ඇතිවෙච්ච. නමුත් අපිට විශ්වාසයත් තියෙනවා, අපි මේ යන ක්‍රියාමාර්ගයත් එක්ක ඉදිරියට මේ තත්ත්වය සමනය කරලා මේ රටේ ජනතාවට නැවත සාමාන්‍ය ජීවිතයක් ඉතා ඉක්මනින් ඇතිකරලා දෙන්න පුළුවන් කියලා.
Video Story