කර්මාන්තය පවත්වාගෙන යන්න කුකුළු ව්‍යාපාරිකයින් ඩොලර් මිලියන 40 ක් ඉල්ලයි

    May, 30, 2022

    ඉදිරියේ දී කුකුළු මස් හා බි්ත්තර මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කරයි.

    එම සංගමයේ අජිත් එස් ගුණසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ඊළඟ මාසය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් ආනයනකරුවන්ට බැංකු හරහා ලබා දෙන්නේ නම්, මෙම කර්මාන්තය ඉදිරි මාස 06 අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බවයි.

    එසේම අද වන විට බිත්තර නිෂ්පාදනය 40% කින් හා කුකුල් මස් නිෂ්පාදනය 30% කින් කඩා වැටී ඇති බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ගුණසේකර මහතා පැවසුවේ කුකුළු ව්‍යාපාරිකයින්‌ ‌මේ වන විට සිය ගොවිපළවල් වසා දැමීමට කටයුතු කරමින් සිටින බවයි.