කලාපීය වැවිලි සමාගම් සහ වතු සේවක වෘත්තීය සමිති වැටුප් පිළිබඳ ගැටළුව නිරාකරණය කරගනිමින් රු. 750ක දෛනික වැටුප සඳහා එකඟතාව පළ කරති

    January, 28, 2019

    ඵලදායීතා සහ පැමිණීමේ දීමනාවන් ගිවිසුමට ඇතුලත් නොවේ

    වතු සේවක වැටුප් ගැටලූව නිරාකරණය කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා සේව්‍ය සම්මේලනය සහ කලාපීය වැවිලි සමාගම්වල වතු සේවකයින් නියෝජනය කරන වතු සේවක වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව දැනට පවතින සාමුහික ගිවිසුම සංශෝධනය කිරීමට දෙපාර්ෂවය එකඟ වූ බව ශ‍්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නිවේදනය කර සිටී.

    ශ‍්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා අදහස් දක්වමින් පැවසුවේ සංශෝධිත වතු සේවක සාමුහික ගිවිසුමට අනුව වතු සේවකයින්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් සහ මිල බෙදා ගැනීමේ අතිරේක දීමනාව ලෙස රුපියල් 50ක මුදලක් ද එක් කරමින් සමස්ත දෛනික වැටුප රුපියල් 750ක් බවට පත් කර ඇති බවයි. මේ අනුව සාමුහික ගිවිසුම මගින් නියම කර ඇති දෛනික වැටුප වතු සේවකයින්ට හිමි වනු ඇත. දෛනිකව ගෙන ආ යුතු අස්වනු ප‍්‍රමාණයට වඩා වැඩියෙන් ගෙනෙන සේවකයින් සඳහා අතිරේකව ගෙනෙන අස්වනු කිලෝවක් සඳහා රුපියල් 40ක මුදලක් ලබා දීමට ද සංශෝධිත සාමුහික ගිවිසුම මගින් එකඟ වී ඇත. මීට පෙර වැඩිපුර ගෙන ආ කිලෝවක් සඳහා සේවකයින්ට රුපියල් 28.75ක මුදලක් හිමි විය. සංශෝධිත සාමුහික ගිවිසුමට අනුව පැමිණීමේ දීමනාව සහ ඵලදායිතා දීමනාව ඇතුලත් කර නොමැති අතර එකඟ වූ දෛනික අස්වනු හෝ වැඩ ප‍්‍රමාණය සඳහා ගෙවන රුපියල් 750ක මුදල සහ වැඩිපුර ගෙන එන අස්වනු ප‍්‍රමාණය සඳහා ගෙවන අමතර දීමනාව මේ අනුව සේවකයින්ගේ ඉපැයීම් වනු ඇත.

    මීට පෙර පැවති සාමුහික ගිවිසුමට අනුව වතු සේවකයකුගේ දෛනික මූලික වැටුප රුපියල් 500ක් වූ අතර මූලික වැටුපට අමතරව පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 60ක් ද ඵලදායිතා දීමනාව වශයෙන් රුපියල් 140ක් ද මිල බෙදා ගැනීමේ අතිරේක දීමනාව ලෙස රුපියල් 30ක් ද වශයෙන් සමස්ත දෛනික වැටුප ලෙසට රුපියල් 730ක මුදලක් හිමි විය.

    වතු සේවක වෘත්තීය සමිති ආරම්භයේදී රුපියල් 1,000ක දෛනික මූලික වැටුපක් ලබාදිය යුතු බවට බල කර සිටි අතර ඵලදායීතා දීමනාව හෝ පැමිනීමේ දීමනාව සඳහා කිසිදු බල කිරීමක් සිදු නොකරන ලදී. මෙම ඉල්ලීම් සඳහා ප‍්‍රතිචාර ලෙසට කලාපීය වැවිලි සමාගම් මගින් ඵලදායීතාව මත පදනම් වූ වැටුප් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ අතර මේ සියලූ යෝජනාවන්ට අනුව රුපියල් 1,000කට වැඩි මුදලක් දෛනිකව ඉපැයීමේ අවස්ථාව ලබා දී තිබුණි.

    කලාපීය වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව වතු සේවකයින්ගේ දෛනික වැටුප 20‍්‍% කින් වර්ධනය කරමින් දෛනික මූලික වැටුප රුපියල් 600ක් බවට පත් කිරීමටත් පැමිණීමේ දීමනාව 33‍්‍%කින් වර්ධනය කරමින් රුපියල් 80ක් ලබාදීමට සහ සේවක අර්ථ සාදක අරමුදල සහ සේවා නියුක්තීන්ගේ භාර අරමුලද සඳහා වෙන් කිරීම් 20‍්‍%කින් වැඩි කරමින් රුපියල් 90ක් මේ සඳහා වෙන් කිරීමට එක`ග වූ අතර මේ අනුව දෛනික වැටුප ලෙස රුපියල් 940ක් ඉපැයීමට අවස්ථාව ලබා දී තිබුණි. මෙම යෝජනාවන්ට අනුව අනෙකුත් ඵලදායීතා දීමනා සමග වතු සේවක මාසික ඉපැයීම්වල සාමාන්‍ය රුපියල් 3,375කින් වර්ධනය වීමට ඉඩ තිබුණි. එහෙත් මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප කරමින් වතු සේවක වෘත්තීය සමිති පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වැඩ වර්ජනයක් දියත් කරන ලදී.

    ජාත්‍යන්තර තරඟකාරීත්වය අනුව ශ‍්‍රී ලංකාවේ ඵලදායිතාව පහළ මට්ටමක පැවතීම හේතුකොට ගෙන වතු සේවකයින්ගේ වැටුප් වර්ධනය සේවක ඵලදායීතාව මත තීරණය කිරීම සඳහා කලාපීය වැවිලි සමාගම් කටයුතු කරන ලදිග ශ‍්‍රී ලංකාවේ තරගකරුවකු වන කෙන්යාවේ දෛනික තේ දළු නේලීමේ සාමාන්‍ය කිලෝ 60ක් ලෙසටත්, දකුණු ඉන්දියාවේ දළු නෙලීමේ සාමාන්‍ය කිලෝ 40ක් ද ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ දළු නෙලීමේ සාමාන්‍ය කිලෝ 24ක් ද වෙති. මේ සියලූම රටවල දෛනික තේ දළු නෙලීමේ සාමාන්‍ය ශ‍්‍රී ලංකාවට වඩා වැඩි අගයක් ගන්නා අතර ඵලදායීතාව ද ඉහළ අගයක් ගනී.

    මෙරට නීතියට අනුව පුද්ගලික අංශයේ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 10,000ක් වන අතර දෛනික වැටුප රුපියල් 400ක් ද වේ. කුඩා තේ වතු සහ ඇඟලූම් ක්ෂේත‍්‍රයන් සමග සැසඳු විට 2016 වසර වන විට කලාපීය වැවිලි සමාගම්වල සේවකයින් ඉහත ක්ෂේත‍්‍රයන් හී සේවකයින්ට සාපේක්ෂව වැඩි දෛනික වැටුපක් උපයන බව පෙන්වා දිය හැක. කුඩා තේ වතු සහ ඇඟලූම් ක්ෂේත‍්‍රයන් හි දෛනික වැටුප රුපියල් 590ක් විය. මේ අතර තේ අපනයන සහ නිෂ්පාදන ක්ෂේත‍්‍රයන්හි නියුතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 570ක් සහ 554ක් විය.