කලා පොළ 2017 එක් දිනකදී මිලියන 12 කට වැඩි අලෙවියක්

    February, 24, 2017

    ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන එළිමහන් කලා පොළ මෙවර 24 වන වරටත් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ දී පසුගියදා පැවත් වූ අතර, එය දිවයිනේ නන් දෙසින් පැමිණි චිත්‍ර ශිල්පීන් 327 කට අධික පිරිසක් හා 22,000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

    රුපියල් මිලියන 12 කට වැඩි විකුණුම් ආදායමක් වාර්තා කිරීමට සමත් වූ ”කලා පොළ 2017” ජෝර්ජ් කීට් පදනම හා ජෝන් කීල්ස් සමුහය එක්ව සංවිධානය කරනු ලබන වාර්ෂික එළිමහන් කලා සල්පිලකි.

    මෙහි සමාරම්භක උත්සවයේ පඹ්ධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ටේඹ්ලියානු මහ කොමසාරිස් Bryce Hutchesson මහතා සහභාගී වූ අතර ජෝර්ජ් කීට් පදනමේ සභාපති තුමා ඇතුළු භාරකාර මණ්ඩල සාමාජිකයන්ද, ජෝන් කීල්ස් සමූහයේ අධමික්ෂකවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්ව මණ්ඩල සාමාජිකයන්ද මේ සඳහා සහභාගී විය.