කසළ ප්‍රවාහනයට චීනයෙන් දුම්රිය එන්ජින් 04 ක්. වියදම ඩොලර් මිලියන 8 ඉක්මවයි

    June, 20, 2018

    ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල එක්රැස්වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රධාන ගැටලුවක්ව පවතින අතර, මීට විසඳුමක් ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිණිස පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් සිදුකිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත.

    මෙම ව්‍යාපෘතිය යටතේ කැලණිය සිට අරුවක්කාලු දක්වා දුම්රිය මඟින් අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුවන අතර, ඒ සඳහා දුම්රිය එන්ජින් 04 ක්, බහාලුම් වැගන් 34 ක් හා බහාලුම් පෙට්ටි 94 ක් සපයා ගැනීම අවශ්‍ය වේ.

    ඒ අනුව, මෙම කාර්යය සඳහා අවශ්‍ය වන දුම්රිය එන්ජින් 04 ක්, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකන් ඩොලර් මිලියන 8.27 ක මුදලකට චීනයේ M/s Dongfang Electric International Corporation වෙතින් මිල දී ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.