November, 25, 2021
ඩොලරය සඳහා මහ බැංකුව නියම කර ඇති විනිමය අනුපාතිකය සහ කළු කඩයේ නියම වී ඇති අගය අතර තිබෙන වෙනස හේතුවෙන් බොහෝ විදෙස්ගත ශ්‍රමිකයින් හවාලා ක්‍රම හරහා මෙරටට මුදල් එවීමට පුරුදු වී ඇති බවත්, යම් අයෙක් ශ්‍රී ලංකාවට මුදල් එවන්නේ නම් නිල මාර්ග හරහා එය සිදුකළ යුතු බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි. අද (25) පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ 8 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් මහ බැංකු අධිපති කබ්රාල් මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ ක්‍රමවේද අඩාල කිරීමට හා පසුබට කිරීමට කටයුතු කරන බවයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
“ප්‍රේෂණ අපි හැමෝම දැක්කා පසුගිය මාස කිහිපය තුළ දී අඩුවීමක් සිදුවෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳව සෑහෙන දුරකට අපේ තිබෙන තොරතුරු අනුව කටයුතු කරගන යමින් පවතිනවා. ඒ පිළිබඳව අපි දැනටම සැලැස්මක් ඉදිරිපත් කරලා ඒක ක්‍රියාත්මක කරමින් පවතිනවා, ප්‍රේෂණ නැවත වරක් වැඩිතරමකට ගෙන්වා ගැනීමට. මේක සිදුවීමට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් දෙලක්ෂ තිස්දාහක පමණ සංඛ්‍යාවක් රටින් පිටරටවලය යනවා රැකියා සඳහා. ඒ අයට අවුරුදු දෙකක පමණ කාලයක් තුළ දී යන්නට බැරිවුණා. දැන් අපි දකිනවා, ඒ බොහෝ දෙනෙක් නැවත වරක් පිටරටවලට යන්න වෑයම් කිරීම, උත්සාහ කිරීම, ඒක හොඳ දෙයක්. ඒ නිසා අපි පාස්පෝට් ඔෆිස් එකත් එක්ක කතාකරගෙන තිබෙනවා, මුදල් අමාත්‍යාංශයත් ඒ අයත් එක්ක කතා කරලා තියෙනවා. ඉතාමත් ඉක්මනින් ඒ ගමන් බලපත්‍ර ලබා දීලා ඒ අයට තමන්ගේ රැකියාවන්වලට යන්නට අවස්ථාව ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. එතන සෑහෙන ලොකු හිඩසක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා ඒ මුදල් ප්‍රේෂණයේ යම් අඩුවීමක් සිදුවෙලා තිබෙනවා.“
“ඒත් එක්කම අපි දැකලා තියෙනවා බ්ලැක් මාර්කට් එකේ තියෙන වෙනස නිසා බාහෝ දෙනෙක් හවාලා ක්‍රමවලට මුදල් එවීමට පුරුදුවෙලා තිබෙනවා පසුගිය කාලවල දී. අපි දැන් ඒවා ගැන හොයලා බලලා, ඒවා ගැන දැන් අපිට තොරතුරු ලබා දීලා තියෙනවා විවිධ අංශවලින්. අපි ඒ තොරතුරු හරහා ඒ ක්‍රමවේදය අඩාල කිරීමට සහ පසුබට කිරීමට අපි කටයුතු කරගෙන යනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට මුදල් එවීමට තියෙනවා නිල මාර්ගයක්. ඒ නිල මාර්ගය හරහා ඒ මුදල් එවීමට අවශ්‍යයි. එහෙම නොවෙනවා නම් ඒක වෙනත් නීතිරීතිවලට උල්ලංඝනයක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි කටයුතු කරමින් පවතිනවා. ඉදිරි කාලයේ දී ඒවා අයුතු ලෙස කරන අයට අපි විරුද්ධව කටයුතු කරන ගමන්ම අපි තේරුම් ගතයුතු දෙයත් තමයි අපි මේ අය පිටරටවලින් මුදල් එවීමට යද්දී සමහර අවස්ථාවල දීත් ලැබෙන ප්රතිලාභ අඩුවීම නිසාත් ඒක සිදුවෙන්න පුළුවන් කියන එක. ඒක ගැනත් අපි කටයුතු කරමින් පවතිනවා. ඉදිරි කාලයේ දී ඉතාමත් ඉක්මනින් විශ්‍රාම වැටුප් ක්‍රමයක්, රක්ෂණ ක්‍රම, දැනටමත් වැඩිපුර රුපියල් 2ක් ලබා දෙනවා, එක ඩොලර් එකක් සඳහා පිටරටින් මේ රටට එනකොට. ඒවාත් සෑහෙන දුරකට අපි සංවිධානාත්මකව ඒ අයට ඒ පසුබිම ලබා දීලා මුදල් නිල වශයෙන් ඉත්මත්ම පහසුවෙන් ලංකාවට ගෙනඒමට කටුයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අපි ගන්නා වූ කටයුතු හරහා අපේ බලාපොරොත්තුව තමයි නැවත වරක් තිබුණු තත්ත්වයට හෝ ඊටත් වඩා ඉහළ තත්ත්වයකට මේ ප්‍රේෂණ වැඩිකරගන්නට වැඩි කාලයක් යන්නට පෙර.“
Video Story