January, 15, 2020
ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto) මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී (13) පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.
වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇත. එමෙන්ම ආර්ථිකය ගොඩනැගෙමින් පවතී. එවන් පසුබිමක ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී ඇතැයි යමමොතෝ මහතා සඳහන් කළේය.
ආරක්ෂාව, යටිතල පහසුකම්, කර්මාන්ත සහ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ජපානය ප්රවීණත්වයක් උසුළයි. එම අත්දැකීම් සමග ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකි බව ජපාන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
2015 ට පෙර මෙරට පැවති 7% ක ආර්ථික වර්ධන වේගය බිඳ වැටී ඇති ආකාරය ජනාධිපතිතුමා යමමොතෝ මහතාට පැහැදිළි කර දුන්නේය. එය ගොඩනැගීම තමා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් බව ජනාධිපතිතුමා පැවසීය.
උසස් තාක්ෂණයෙන් යුත් එකලස් කිරීමේ කාර්මාන්තයන්හි ආයෝජන අවස්ථාවන් මෙරටට ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.
ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමාගේ ඉල්ලීම පිළිගනිමින් කොසෝ යමමොතෝ මහතා කියා සිටියේය.
Video Story