ක්‍රෙඩිට් කාඩ්වලට මිලියන 65,000 ක් ගෙවන්න වෙලා

    September, 13, 2016

    ශ්‍රී ලංකාවේ දැනට සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2016 ජූනි මාසය අවසානයේ දී 1,205,422 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර තිබේ. මෙය 2016 මැයි මාසය අවසන් වන විට 1,191,448 ක් බවත් 2015 දෙසැම්බර් මාසය අවසානයේ දී 1,142,231 ක්ව පැවති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක ප්‍රකාශනයෙහි සඳහන් වේ.

    2016 ජූනි අවසානය වන විට පැවති ක්‍රෙඩිට් කාඩ්පත්වලින් 30,043 ක් දේශීය වශයෙන් මුදල් පියවීම් සඳහා පමණක් යොදා ගැනීමට හැකියාව ඇති ඒවා බවත් 1,175,379 ක් ගෝලීය වශයෙන් ගෙවීම් පියවීම සඳහා අනුමැතිය ලත් ඒවා බවත් වාර්තා වී ඇත.

    මෙම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ජූනි මස අවසානය වන විට ගෙවීමට ඇති මුළු හිඟ මුදල රුපියල් මිලියන 65,433 ක් ලෙසින් හෙළි වී ඇති අතර එහිදී ගෝලීය පියවීම් අනුමැතිය ලත් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් රුපියල් මිලියන 64,630 ක හිඟ මුදල් ප්‍රමාණයක් පියවීමට ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

    පහත දැක්වෙන්නේ මේ පිළිබඳ සාරාංශයකි.