කාංචන රත්වත්තේ ලංකා බැංකු සභාපති ධූරයට

    December, 27, 2019

    මෙරට විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ සභාපති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා පත් කර තිබේ.

    වෘත්තියෙන් නීතිඥයෙකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් LL.B උපාධිය ලබා ඇත.

    තොරතුරු තාක්ෂණ, security printing, මෘදුකාංග සංවර්ධනය, BPO, රක්ෂණ තැරැව්කාර හා සුරැකුම්පත් යන ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඔහු පුළුල් අත්දැකීම් ලබා ඇත්තෙකි.

    තවද ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ ලංකා නැව් සංස්ථාවේ සභාපති යන තනතුරු දරා තිබේ.