කාගිල්ස් බැංකුව සිය 16 වන ශාඛාව රත්නපුරදී විවෘත කරයි

    October, 18, 2017

    රත්නපුර නගර මධ්‍යයේපිහිටා ඇති නගරසභාවෙළඳ සංකීර්ණයෙහි කාගිල්ස් Food City ශාඛාව තුල සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි නවතම ශාඛාව විවෘත කරන ලදී.

    මෙම නවතම බැංකු ශාඛාව, කාගිල්ස් බැංකු ඒකාබද්ධ නියෝජ්‍ය සභාපති රජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා සහ ප්‍රධාන ආරාධිත, සීමාසහිත Cargills Foods Company පුද්ගලික සමාගමෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(පාරිභෝගික) සහන් ගනේගම මහතා අතින්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ) රුමේස් රහීම් මහතා සහ කාගිල්ස් බැංකු රත්නපුර ශාඛා කළමනාකරු ජනක ගුණරත්න මහතා යන අයගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදී.  කාගිල්ස් බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරි/කළමනාකරණ අධ්‍යක්ෂක ප්‍රභූ මාතවන් මහතා පවසන පරිදි, “2017 සැප්තැම්බර් මාසය තුල, වත්තල බැංකු ශාඛාව විවෘත කිරීමත් සමගම නවතම රත්නපුර ශාඛාවද විවෘත කිරීම මගින් අපගේ ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, කාගිල්ස් Food City ශාඛාවන් තුල බැංකු ශාඛාවන් පිහිටුවීම මගින් උසස් වූ සුපිරි වෙළඳසැල් බැංකුකරණ අත්දැකීමක් විඳගැනීමේ හැකියාව මහා ජනතාව වෙත ලබා දී ඇත. මෙය කාගිල්ස් බැංකුවෙහි වර්ධනය සඳහා සුවිශේෂී කාලසීමාවක් වන අතර, සේවා විශිෂ්ටත්වය සමගින් නවතම බැංකුකරණ තාක්‍ෂණයන් අප පාරිභෝගිකයන් වෙත පිරිනැමීමට අපි කැපවී සිටිමු.”

    කාගිල්ස් බැංකුව යනු ජංගමහාඉතුරුම්ගිණුම්, විදේශ මුදල් ගිණුම්,ස්ථාවරතැන්පතු, අත්තිකාරම් සහ ණය,වෙළඳසේවා,භාණ්ඩාගාරසේවාහා ප්‍රේෂණ ඇතුලුපුද්ගලික හා ව්‍යාපාරික බැංකු අවශ්‍යතා සඳහා පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන හා සේවාවන් රැසක් සපයනු ලබන පූර්ණ කාලීන බලපත්‍රලාභී වාණිජ බැංකුවකි.අප බැංකුව විසින්, නවතම ඩිජිටල් බැංකු සේවා මාලාවක් තුලින් අසමසම පාරිභෝගික පහසුවක් ලබා දී ඇති අතර, නව්‍යතම Cargills cash ඉතුරුම් ගිණුම හරහා දිවයින පුරා විසිරී පවතින 320කට අධික, දින 365පුරා උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව පවතින කාගිල්ස් Foodcity ශාඛාවන් හරහා ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දෙමින් බැංකුකරණය වෙත ප්‍රවේශ වීම තවදුරත් පුළුල් කර ඇත. සියලුම කාගිල්ස් Foodcity වෙළඳසැල්වලින් ගනුදෙනුකරුවන්ට දැන් මුදල් තැන්පත් කිරීම සහ මුදල් ආපසු ගැනීමේ පහසුකම ලබා ගත හැකිය.

    වර්තමානයේදී, කාගිල්ස් බැංකු ප්‍රධාන කාර්යාලය කොල්ලුපිටියෙහි පිහිටා ඇති අතර, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, මහරගම, පරණයොන්වීදිය, මහනුවර, ගැටඹේ, නුවරඑළිය, තණමල්විල, මාතර, ගාල්ල, කුරුණෑගල, වව්නියාව, චුන්නක්කම්,යාපනය සහ වත්තල යන ප්‍රදේශයන්හි බැංකු ශාඛාවන් පිහිටා ඇත.