කාන්තාවන් දිරිගන්වන්න ‘සෙංකඩගල‘ ට ඩොලර් මිලියන 15 ක්

    March, 22, 2018

    ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයෙන් (IFC) එක්සත් ජනපද ඩොලර් මිලියන 15 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමකට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී එළඹ තිබේ.

    මෙරට කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් මෙම ණය මුදල සඳහා වූ ගිවිසුමට එළඹි බව සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.