කාන්දු වූ තෙල් ඉවත් කිරීමේ කටයුතු අවසන්

    September, 20, 2018

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක හමුදා සහ පොලීසිය එක්ව තෙල් කාන්දුව පාලනය කිරීම සඳහා ගත් උත්සාහයට ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් පැසසුම්

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ලබා දී ඇති තොරතුරු අනුව, කාන්දු වූ තෙල් ඉවත් කිරීමේ ප‍්‍රධාන මෙහෙයුම් කටයුතු 2018 සැප්තැම්බර් 12 දින සාර්ථක ලෙස අවසන් වූ බවත්, වෙරළ පිරිසිදු කිරීම සඳහා කුඩා කණ්ඩායම් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය සිකුරාදා නිවේදනය කළේ ය. කෙසේ වුවද සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් සමාගම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළාරක්ෂක බලකාය සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාව අදාළ ප‍්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදුකරනු ඇත.

    ‘‘ඉපිලූම් නලය පිපිරීම සිදුවූයේ 2018 සැප්තැම්බර් 08 වැනිදා මුහුද රළුව පැවතීමේ ප‍්‍රතිඵලයක් ලෙස කියා අප සිතනවා. කෙසේ වුවත් මේ සම්බන්ධ සත්‍ය හේතුව තවමත් නිවැරදිව හඳුනාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් අප ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තුමන්ගෙන් ඉල්ලා තිබෙනවා. තෙල් කාන්දුව මගින් පරිසරයට සිදුවිය හැකි හානිය සැලකිල්ලට ගෙන අප වහාම එය පාලනය කිරීමටත්, අදාළ ආයතන සමග එක්වී කාන්දු වූ තෙල් ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමටත් පියවර ගත්තා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, වෙරළාරක්ෂක බලකාය සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වහාම තෙල් කාන්දුව පාලනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් සමාගම සමග එක්වී මෙහෙයුම් ආරම්භ කළා. මේ සඳහා 300 කට අධික පිරිසක් සම්බන්ධ වී සිටියා. තෙල් කාන්දුව පාලනය කරමින්, ඇතිවන හානිය අවම කිරීම සඳහා දිවා ? නොබලා ඔවුන් ගත් උත්සාහය අගය කළ යුතුයි.” ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසී ය.

    ‘‘පරිසරයට ඇතිවන හානිය අවම කිරීම සඳහා, එකතුවන තෙල් වහාම ඉවත් කිරීමට අප කටයුතු කළා. සියලූ දෙනාගේ සහයෝගය සමගින් අප මුලින්ම කළේ දික් ඕවිට ප‍්‍රදේශයේ කාන්දු වී ඇති තෙල් ඉවත් කිරීමයි. එම ප‍්‍රදේශයට ඇතිවී ඇති බලපෑම සාර්ථක ලෙස පාලනය කළ පසුව අපි උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශය පිරිසිදු කිරීම ආරම්භ කළා. මේ අවස්ථාවේදී පරිසරය රැුකගැනීම සඳහා සියලූ දෙනාම දැක්වූ දායකත්වය වෙනුවෙන් මා ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වනවා.” සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික රියර් අද්මිරාල් රොහාන් පෙරේරා මහතා පැවසී ය.

    දෝෂ සහිත නලය ඉවත් කර අදාළ නල මාර්ගය අලූත්වැඩියා කිරීමට සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් සමාගම වහාම පියවර ගත් අතර තෙල් පොම්ප කිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇත.