“කාර්ගීල්ස් ෆුඩ් සිටි“ වලට ලෝක බැංකු ආයෝජනයක්

    August, 25, 2014

    කාර්ගීල්ස් (සිලෝන්) පී.එල්.සී. සමාගමට පූර්ණ අනුබද්ධ එහි සිල්ලර ව්‍යාපාරික කටයුතු සිදුකරන කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ සියයට 08 ක කොටස් සඳහා රුපියල් මිලියන 2550 ක් හෙවත් ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් ආයෝජනය කිරීමට ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) ගිවිසුමකට එළඹෙයි.

    මෙම ආයෝජනය සඳහා අවශ්‍ය අනුමැතීන් ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) සහ කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් හි, අධ්‍යක්ෂ මණ්ඩල විසින් ලබාදී ඇත.

    කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම විසින් කාර්ගීල්ස් සමූහයට අයත් ෆුඩ් සිටි සහ ෆුඩ් සිටි එක්ස්ප්‍රස් සුපිරි වෙළඳ සැල් ජාලයේ මෙහෙයුම් කටයුතු සිදුකරයි.

    ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් පුද්ගලික අංශයට ණය සහ මූල්‍යන පහසුකම් සපයයි.