කාර්මික අපනයන පහළ යද්දී කෘෂිකාර්මික අපනයන ආදායම ඉහළට

    May, 29, 2017

    ප්‍රධාන වශයෙන් කාර්මික අපනයන අඩුවීම හේතුවෙන් 2016 වසරේ පෙබරවාරි මාසයේ එක්සත් ජනපද ඩොලර් මිලියන 892 ක්වූ අපනයන ආදායම 2017 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ලෙර් මිලියන 868 ක් දක්වා සියයට 2.7 කින් පහළ ගියේය.

    මුළු අපනයන ආදායමෙන් සියයට 76 ක් පමණ වූ කාර්මික අපනයන ආදායම, 2017 වසරේ පෙබරවාරි මාසයේ ද් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 659 ක් දක්වා සියයට 6.5 කින් පහළ ගිය අතර, රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම පහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවිය.

    මේ අතර 2017 පෙබරවාරි මාසයේ දී කෘෂිකාර්මික අපනයන ආදායම අඛණ්ව තෙවැනි මාසයටත් වර්ධනයක් වාර්තා කරමින් එක්සත් ජනපද ලෙර් මිලියන 205 ක් දක්වා සියයට 12.5 කින් වර්ධනය විය. අපනයන පරිමාව අඩු වුවද, අපනයන මිල ගණන්වල ඉහළ යෑම හේතුවෙන් තේ අපනයන අදායම සියයට 12.8 කින් ඉහළ ගියේය.

    press_20170525s3