කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පවුඩර් කෝටින් සහ ප්ලාස්ටික් කෝටින් පිළිබඳව එක් දින තාක්ෂණික වැඩමුළුවක්

    February, 17, 2017

    කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පවුඩර් කෝටින් සහ ප්ලාස්ටික් කෝටින් පිළිබඳව එක් දින තාක්ෂණික වැඩමුළුවක්

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය ඇතිව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    ඒ යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් පවුඩර් කෝටින් සහ ප්ලාස්ටික් කෝටින් පිළිබඳව එක් දින තාක්ෂණික වැඩමුළුවක් 2017 මාර්තු 02 දින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම පුහුණු වැඩමුළුවේදී පවුඩර් කෝටින් සහ ප්ලාස්ටික් කෝටින් තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඇලුමිනියම්, වානේ සහ චීනච්චට්ටි වැනි ලෝහ මත මෙම තාක්ෂනික ක්‍රම භාවිතා කිරීම මගින් කෝටින් යෙදිය හැකි වේ. එමගින් වර්ණවත් අනර්ඝ නිමාවක් නිෂ්පාදන වලට ලබා ගත හැකි අතර නිෂ්පාදන දීර්ඝ කාලක් භාවිතා කල හැක.

    වානේ හා ඇලුමිනියම් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්හට මෙම පාඨමාලාව ඉතා වැදගත් වේ. දැනට මෙම කර්මාන්තයේ නියලි සිටින්නන්ටද අලුතින් මෙම ක්ශේත්‍රයට පිවිසිමට බලාපොරොත්තුවන්නන්ටද මෙම වැඩසටහනට සහභාගී විය හැක.

    මෙම වැඩසටහනට සහභාගී වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ පිළිබඳ විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික අංශයේ අංක 0112605278 යන දුරකථන අංකය අමතා හෝtsdidb@gmail.com ට ඊ මේල් පණිවුඩයක් ලබා දීම මගින් ලබා ගත හැකිය.