කාර් රැල්ලට යළිත් පණ ලැබෙන ලකුණු

    September, 19, 2014

    මෙරටට ගෙන්වන වාහන ප්‍රමාණය වැඩිවීම නිසා ආහාර නොවන භාණ්ඩ අංශයේ ආනයන වියදම් මේ වනවිට වැඩිවී තිබෙන බව නවතම දත්ත මගින් හෙළිවේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව 2014 ජූලි මාසයේදී මෙරටට ආනයනය කළ වාහන ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 8.5 කින් වර්ධනය වී ඇත.

    මේ අනුව, පසුගිය ජූලි මාසයේදී මෙරටට ඩොලර් මිලියන 71.4 ක වාහන ආනයනය කර තිබෙන අතර 2013 ජූලි මාසයේදී ගෙන්වා තිබුණේ ඩොලර් මිලියන 65.8 ක් වටිනා වාහනයි.

    මෙරටට වාහන ගෙන්වීමේදී අයකරන බදු දැවැන්ත ලෙස වැඩිකිරීම නිසා මෙරටට වාහන ගෙන්වීම පසුගිය කාලයේදී විශාල ලෙස පහත වැටුණු හෙයින් ජූලි මාසයේදී මේ ආකාරයෙන් වාහන ගෙන්වීම වැඩිවීම කැපී පෙනේ.